hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:04



සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

‘පාලිත තෙවරප්පෙරුම අද දිවි ගමනෙන් නික්ම යන්නේ තවත් පණිවිඩයක් ඉතිරි කරලා.

සනත් නිශාන්ත හදිසි අනතුරකින් මිය යාම එක්ක සමාජ මාධ්‍ය තුල ඊට ප්‍රතිචාර දක්වපු ආකාරයක් තිබුනා.

බොහෝ විට අනෙකුත් මන්ත්‍රී වරුන් එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ හෝ නූතන පරම්පරාවේ නොහික්මීමක් බවට අර්ථ නිරූපනය කරන්න උත්සාහ කරා.

නමුත් අද අපිට සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙන්නේ වෙනස් ම ආකාරයේ වටපිටාවක්.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ශෝකය පලකරන වටපිටාවක්.

ඔබ මිය යන දවසක ඔබට සමාජයෙන් ලැබෙන්නේ ඔබ ජීවත් ව සිටින විටක කල කී දේ ප්‍රතිඵල.

පාලිත තෙවරප්පෙරුම අද ඒ පණිවිඩය නැවත නැවත සනාථ කරනවා.

පාලිත තෙවරප්පෙරුම ,

ඔබට නිවන් සුව”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: