hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 18, ප.ව. 12:01



හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ මර­ණය විදුලි සැර වැදී­මෙන් ශරී­රයේ අභ්‍ය­න්තර ඉන්ද්‍රි­ය­න්ව­ලට සිදුවූ බර­ප­තළ හානි හේතු­වෙන් වූ මර­ණ­යක් බව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී තහ­වුරු වී තිබේ. කළු­තර නාගොඩ මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය ඒක­කයේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී කේ. එම්. ටී. බී. ගුණ­ති­ලක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (17) කළු­තර නාගොඩ මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය ඒක­ක­යේදී පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්විණි.

ඇමැ­ති­ව­රයා අන­තු­රට ලක්වූ යට­දො­ළ­වත්ත, නවු­ත්තු­ඩුව කර­ම්පෑ­තර පිහිටි ස්ථානය කළු­තර විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී කේ. එම්. ටී. බී. ගුණ­ති­ලක මහතා නිරී­ක්ෂ­ණය කිරී­මෙන් අන­තු­රුව පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරනු ලැබීය. හිටපු ඇමැ­ති­ව­ර­යාගේ බිරිය වන අමිතා නාලිං­ගනී අම­ර­තුංග මහ­ත්මිය විසින් කළු­තර ශික්ෂණ රෝහ­ලේදී මෘත දේහය හඳුනා ගන්නා ලදි.

අන­තු­රුව කළු­තර අප­රාධ ස්ථාන පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් ඇමැ­ති­ව­රයා අන­තු­රට ලක්වූ ස්ථානය නිරී­ක්ෂ­ණය කරන ලද අතර, මතු­ගම අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක්ද සිදු කළේය. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට පෙර කළු­තර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් නීතා හේම­මාලි හාල්පා­න්දෙ­ණිය මහ­ත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරන ලදි.

හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කරන අව­ස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියා­කා­රීන් පිරි­සක් ද කළු­තර ශික්ෂණ රෝහ­ලට පැමිණ සිටි අයු­රුද දැක­ගත හැකි විය. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මෙන් අන­තු­රුව පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැ­ති­ව­ර­යාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළු­තර මල් ශාලා­වක් වෙත රැගෙන යනු ලැබුවා.

දේහය පිළි­බඳ අව­සන් කට­යුතු ඔහු විසින්ම සකස් කරන ලද සොහො­නේදී හෙට (19) සිදු කිරී­මට නිය­මි­තය. තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩු මිල මීනි පෙට්ටි­යක් භාවිත කර පැය විසි හත­රක් ඇතු­ළත අව­සන් කට­යුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට දැනුම් දී තිබිණි.

ඔහුගේ අව­සන් කැමැත්ත සම්බ­න්ධ­යෙන් පවුලේ ඥාතීන් තව­මත් එක­ඟ­තා­ව­කට පැමිණ නැතැයි ඔහුගේ ඥාති සහෝ­ද­ර­යෙක් මාධ්‍ය­යට පැව­සුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: