hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 4:43



වෛද්‍ය වෘත්තිය කියන්නේ එසේ මෙසේ වෘත්තියක් නෙවෙයි.

දහස් ගණනක් රෝගීන්ගේ ජීවිත ජීවත් කරවන්න වෙහෙසෙන මනුෂ්‍ය කොට්ඨාශයක්.

වෛද්‍යවරුන් දෙවිවරුන්ට සමාන කරන්නෙත් අන්න ඒ කාරණය නිසාමයි.

වෛද්‍ය වෘත්තිය තුළ මුහුණ දෙන්න සිදුවන සිදුවීම් සුන්දර ඒවා නම් නෙවෙයි.

රෝගී ජීවිතයක් සුව කරනකොට දැනෙන්නේ අපිරිමිත සතුටක්.

ඒකේ අනිත් පැත්තත් එහෙම තමයි.

රෝගියකු බේරා ගැනීමට අපොහොසත් වුණ අවස්ථාවක දැනෙන්නේ අතිශය දරුණු වේදනාවක්.

වෘත්තිය තුළ නියැලෙනවා වගේම, වෘත්තීය අත්දැකීම් බෙදාගන්න ඔවුන් යුහුසුළු වෙන්නේත් අනතුරකට පෙර තවත් ජීවිතයක් රැකගන්න.

අපි කොච්චර කිව්වත් මේ භූමියේ මිනිස්කම් පිරිහිලා කියලා, එහෙම නෑ… මිනිස්කම් තාමත් හුස්ම ගන්නවා.

මේ අපි අතරම දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා. අනෙකා වෙනුවෙන් හදවත් උණුවෙන මිනිස්සු ඉන්නවා.

එහෙම මිනිස්සු ඉන්නකල් මේ භූමිය සුරක්ෂිතයි.

ඩී.එම් අප්පුහාමි කියන්නෙ ගොවිතැනින් බත සරි කරගන්න උත්තමයෙක්.

උත්තමයෙක් කිව්වෙ ඒ වචනෙ ඔහුට හරියටම ගැළපෙන නිසා.

එහෙම ගොවිතැන් කරලා ආර්ථිකය ගොඩනඟා ගන්න ඔහු තම වර්ගයාගේ හෙට දවස වෙනුවෙන් අපූරු පරිත්‍යාගයක් කරලා.

රුපියල් 25000 ක් !!

මේ ඉන්නෙ ඔහු…

ඇයි ඔහු එහෙම පරිත්‍යාගයක් කළේ කියන කතාව රටම දන්න වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ විදියට අකුරු කරලා තිබුණා…

”හදිසි ප්‍රතිකාර එකකයට…

හදිසියේම පැමිනි…

මනුස්සකම……

ඔහු ..මහත්තයෝ කොම්පියුටර් එකක් කැඩිල එක නිසා හදවත් ලෙඩ්ඩු අසරනයි කියල TV එකේ කිව්ව…

එක හදාගන්න සල්ලි ටිකක් දෙන්න ආවේ..

අපි සේරමල නිරුත්තරය…

මම ඇහුවේ කොහේ ඉදලද..

ඔහු තුන්නෑව ,වරාලන්ද,ගෝඩුන්නේ ඉදල

නම ඩී.එම් .අප්පුහාමි .. ගොවිතැන් කරන්නේ…

මම . ඉතිං බැංකුවට දාන්න තිබුනනේ..

ඔහු අනේ මහත්තයෝ අපි එව දන්නේ නැහැනෙ ..

මහත්තයෝ මේ සල්ලි ටික ඒක හදාගන්න ගන්ඩ.

..මෙතන 25000 ක් තියෙනව..

මාත් හදවත් රෝගියෙක් මහත්තයෝ ..

…මගේ හදවත නතරවේදැයි මට සිතින…

…මට ඇත්තටම උන් හිටි තැන් අමතකය..

…අසංක මල්ලි ,සාරංග නන්ගත් ඔහුට ඇන්ජියොග්‍රම් යන්ත්‍රය ගැන පහදනවා මට යාන්නමට ඇහිනි..

…ඔය කියන ගම ඇත්තේ බදුල්ලේ සිට කිලෝමීටර් 40 වඩා දුරිනි..

මහත්තයෝ නුබගේ මුදල මට කෝටි 25 කටත වඩා වටිනව..

…මන්ද අහිංසක රෝගීන්නේ බෙහෙත් වඩියෙන් පවා …

…ගසාකන කලු කෝට් කාරයින්..

…මාෆියා කාරයින්ට..

..සුදු පිරුවට කාරයින්ට..

..වඩා බුලත් විටක් හප හපා පැමිනි නුබ …

….සැබැවින්ම මනුෂ්‍යයෙක්..

…ඇත්තටම අපි කොච්චර අසරනද…

…නුබගේ ආකල්ප ලග

සපත කරමී..

කෙසේ හෝ උවට ඇන්ජියොග්‍රම් යන්ත්‍රයක් ගෙනෙන බවටත්..

..නුබ අතින් එය බාරදෙන බවටත් ..

…පලමු පරීක්ෂණය නුබට සිදුකරන බවටත්..

මන්ද නුබත් හදවත් රෝගියෙක් නියාවෙන්

...වෛද්‍ය පාලිත ….

..මේ සටහන ඔහු රු.25000/= දුන්න නිසා නොවේ..”

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: