hit counter

2024 දෙසැම්‍බර් මස 02 වන සඳුදා

2024 අප්‍රේල් 19, ප.ව. 2:49



සමහර මිනිස්සු මිය ගියාම දැනෙන හිස්කම සහ වේදනාව වචන කරන්න නොතේරෙන තරම්.

එහෙම මිය යන්නේ දේශපාලනය කළ අයෙක් නම් තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි.

මෑත කාලීනව ඊට ඕනෑ තරම් උදාහරණ අපි දැක්කා.

නමුත් ඒ මිය ගියේ හදවතින්ම ජනතාවගෙ දුක හැඳින ගත්, සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ සිටගත් අයෙක් නම්.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, සාමාන්‍ය ජනයාට හිතැති තෙවරප්පෙරුම මහතා පෙරේදා (16) මරණයට පත්වූයේ සිය පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමක් හේතුවෙන් බවයි සඳහන් වූයේ.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ, අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: