hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 20, පෙ.ව. 12:02



මිනිසත්කමේ සුවඳ හඳුනාගත් පස්දුන්කෝරලේ හිත හොඳ දඩබ්බරයා, අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදුකෙරුණා.

මහා ජන ගඟක සෝ සුසම් මැද ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම තනාගනු ලැබූ සුසාන භූමියේදීයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේ.

ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා රාත්‍රියේ මතුගම යටදොළවත්තේ පිහිටි නිවසට රැගෙන ආවා.

ඒ මොහොතේ සිට ඊයේ රාත්‍රියේත්, අද දවස දවස පුරා තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පෙරවරුවේ පැමිණ සිය පක්ෂයට මෙන්ම මෙරට ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වුවා.

සිය අසහාය දේශපාලන නායකයාගේ මේ හදිසි වියෝව ප්‍රදේශවාසී ජනතාවට තවමත් දරාගත නොහැකි කම්පනයකි.

අනතුරුව දේහය රැගත් අවමංගල්‍ය පෙරහර, තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම ඉදිකළ සුසානය පිහිටි ප්‍රදේශයට ගමන් ඇරඹුවා.

මෙරට දේශපාලනයේ පෙරළිකාරී මෙන්ම මානවවාදී ගුණයන්ගෙන් අගතැන්පත් පරිච්ඡේදයක නිමාව සනිටුහන් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ පස්වරුවේ දැයෙන් සමුගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: