hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 20, ප.ව. 5:40



පසුගිය දවසක බොහෝ දෙනෙක් කම්පාවට පත් කරමින් යළි නොයන ගමනක් ගියපු ආදරණීය සහෘදයා ගැන තමයි මේ කියන්න සූදානම.පාලිත තෙවරක් පෙරුම මහතාගේ  ඒ හදිසි වියෝව නිසා අද වන විටත් බොහෝ දෙනෙක් ඉන්නේ දරා ගන්න බැරි ශෝකයකින් දුකකින්.

ඔහු දේශපාලනඥයෙක්ගේ චරිතයට වඩා හුදෙක් අව්‍යාජ ගැමියෙකුගේ චරිතය තුළින් තමයි ජනතාව අතරට ගිහින් තියෙන්නේ.වසංගතය පැවති කාල සීමාවේදී දිවා රෑ බලන් නැතුව කොස් ගෙඩි ගණන් කඩාගෙන හාල් කිලෝ ගණන් උයාගෙන  අසරණ ජනතාවගේ බඩ කට පිරෙව්වා.ඒ නිසාම තමයි දුගී දුප්පත් ජනතාව එතුමාට ඒ තරම්ම සමීපව බැඳිලා හිටියේ.

ඉතින් ඔහුගේ වියෝව ගැන කතා කරන්නැති කෙනෙක් නොමැති තරම් ඒ තරම් මේ වියෝව බොහෝ දෙනෙක්ට දැනෙන වෙන්වීමක් බවට පත්වුණා.කෙසේ නමුත් එදා සිද්ධ වෙච්ච සිදුවීම සහ පාලිත තෙවරක්පෙරුම මහතා නිවසේදී ගත කරපු ඒ ජීවන රටාව පිළිබඳව ඔහුගේ දෙවැනි පුතා ඒ අවස්ථාවේදී අදහස් දක්වලා තිබුණේ මේ විදිහයි.

අයියා නැති වුණාට පස්සේ තාත්තා මහා කඩා වැටීමක හිටියේ. අයියා නැතිවුණාට පස්සේ තාත්තා සම්පූර්ණයෙන් වෙනස් වුණා. තාත්තා අඬනවා දැක්කේ මම ඒ වෙලාවෙදී. ඇමැතිකම්, ගෙවල්
දොරවල්, යාන වාහන නැතිවෙද්දි වගේ වගක් නැතිව හිටිය තාත්තා එදා ඉඳන් හැමදාම හොරෙන් ඇඬුවා.

අයියා නැතිවුණාට පස්සේ තාත්තට උදව් කරගෙන මම ගෙදර හිටියා. ගෙදරදී තාත්තා වුවමනා දේ කතා කරනවා. වුවමනා දේට උත්තර දෙනවා. ඒ එයාගෙ හැටි. අපි ඒකට හුරු වෙලා හිටියෙ. වත්තට පෝර දාන්න එදා මමත් ගියා. මහ වැස්ස නිසා එයාලා පස් දෙනා පෝර බෑග් බානකම් මම ෆෝන් එක බයික් එකේ සීට් එක යට දාගෙන ගෙදර ආවා. ගෙදර එනකොට කෝල් ගොඩක් ඇවිත්. එයා ඉස්පිරිතාලේ අරන් ගියා කිව්වා. මම හොස්පිටල් එකට යනකොට තාත්තා යන්නම ගිහින්. තවම මොකද වුණේ කියලා මට හිතාගන්න බෑ. ඉස්සරහට මොනව වෙයි ද කියලා හිතාගන්නත් බෑ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: