hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:02



පාලිත තෙවරප්පෙරුම.

ඔහුගේ මරණය ගැන අදටත් බොහෝ දෙනෙක් කතාවෙන්නේ ඉතාමත් දුක් මුසුවයි.

ඔහු ජන හද හැඳිනූ දේශපාලකයෙක්.

ඒ වගේමයි ජනතාවට බොහෝ සේ උපකාර කළ දේශපාලකයෙක්.

ඉතින් මේ හිත හොඳ මනුස්සයාගේ මරණය ගැන මේ වෙද්දී එක එක විදිහේ කතා ඇහෙනවා.

කොහොම වුණත් පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගේ පුතා ගැනත් විවිධ කතා මෙ අතර නැතුවාම නෙවෙයි.

ඉතින් මේ ඔවුන්ගේ කතාවයි.

යන්නම ගිය තාත්තා කෙනෙක් ගැන හරියටම දැනගන්න ඕනේ නම් කතා කරන්න ඕනේ ඒ තාත්තගේ පුතත් එක්ක කිව්වොත්, හරියටම හරි නේද?

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ, නොසිතුව මොහොතක අපි අතරින් සමුගත්ත , හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගැන.

ඒ අඳුර දවසේ ඒ සිද්ධිය කොහොමද වුණේ.

තාත්තගේ මරණය ගැන සැක ද?

එදා දවස ගොඩක් වැහිබර දවසක්, ඉතින් අපි සේරමලා ලෑස්තිවෙලා ගස්වලට පොහොර ගේන්න ගියා. කොහොම හරි පොහොර බාගයක් තමයි මුලින් පටවන් ආවේ, ඊට පස්සේ ඉතුරු පොහොර ටික ගේන්න යන්න අපි කට්ටියම ලහි ලහියේ වැඩ කලා. කොහොම හරි අපි ඉතුරු පොහොර ටිකත් අරන් ඇවිත් , කන්න ඕනේ කියලා තීරණය කරද්දීත් ටිකක් හවස් වෙලා.

ඊට පස්සේ තමයි, මම කෑම ගේන්න ගෙදරට ගියේ. ඉතින් ඒ ගිහින් කෑම අරන් එන්න ලැබුණේ නැහැ , තාත්තාට විදුලි සැර වැදිලා රෝහලට අරන් ගියා කියලා අපේ කෙනෙක් කතා කළා. ඊට පස්සේ අපි ඉක්මණින්ම රෝහල වෙත ගියත් ඒ යනවිටත් , ඔහු නොයෙන්නම ගිහින් තිබුණා. එහෙම තමයි සිද්ධිය වුණේ ,අපි දකින විදිහට මේ මරණය කිසිම සැක සහිත එකක් නෙමෙයි, හදිසියේ සිදුවුණු අනතුරක් වගේ.

තාත්තා දේශපාලනය කරපු එක ගැන කොහොමද දැනෙන්නේ?

තාත්තා අන්තිම කාලේ දේශපාලනය ගැන කළකිරිලා හිටියේ, අනික තාත්තා දේශපාලනය කළේ නෑ , තාත්තා කළේ සමාජ සේවය , අපි කැමති එහෙම කියනවාට. මොකක්ද ඔය හැමෝම කියන , ඔබත් එක්ක (පොඩි පුතා) තාත්තා තිබුණා කියන නොහොද නෝක්කාඩුකම ?

අනේ, මෙහෙමයි ඒක ඇති වුණේ මම තාත්තාට නොකියා වරායේ කම්කරු රැකියාවකට ගිය නිසා. තාත්තා කැමති වුණේ මං එයා එක්ක මේ වගා වැඩ කරගෙන ඉන්නවට , ඒත් ඒක එහෙම කරන්න බැරිවුණේ අපි ආර්ථික අතින් ශක්තිමත් නැති නිසා, තාත්තා උපයන දේ අපි හැමෝටම ජීවත් වෙන්න මදි. ඒකයි මං කම්කරු රැකියාවකට ගියේ.

අයියට මොකද වුණේ ?

ඇත්තටම අයියා නැති වුණේ අහම්බෙන් , විසප්පු ගෙඩියක් දාලා නිසා. මං එදා පලවෙනි පාරට වගේම අවසාන පාරට තමයි මගේ තාත්තා අඬනවා දැක්කේ. එයා අයියගේ මරණින් හොඳටම අවුල් වුණා. අන්තිමට එයා sleeping tablets පවා ගත්තා. ඊට පස්සේ තමා මං රස්සාවට යන එක නවත්තලා තාත්තා එක්ක වැඩ කරන්න ගත්තේ.

අන්තිමටම දේශපාලනයට එන්න කියලා තාත්තා කතා කලාද ?

කවදාවත් නෑ , තාත්තා කළේ සමාජ සේවය , ඒක එහෙම්මම අපි දිගටම කරගෙන යනවා. ඒකට අවශ්‍ය දේවල් තාත්තා අපිට හදලා දීලා තියෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: