hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 29, පෙ.ව. 12:01



පසුගිය කාල සීමාවේදී පාලිත තෙවරක් පෙරුම මහතාගේ හදිසි අභාවය නිසා බොහෝ දෙනෙක් ඔහු පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තා. හැබැයි ඔහු ගැන දන්නේ ඔහුගේ ලගම ඉන්න ආදරණීය දෙවැනි පුතා සහ බිරිඳ ඒ නිසා මේ ආදරණීය පුතා නුෂාන් එයාගේ තාත්තා ගැන කියපු කතා කිහිපයක්ම සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වුණා.

පියෙක් විදිහට පාලිත තෙවරක් පෙරුම මහතා දරුවන්ට වෙන්න ඕන යුතුකම් සියල්ල ඉටු කරපු කෙනෙක්.ඒ වගේම තමයි ඔහුගේ ආදරණීය ලොකු පුතා හිතන්නවත් නැති මොහොතක ජීවිතෙන් සමුගත්තා.අන්න එදා තමයි ඔහුගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා දෙවැනි පුතා දැකලා තියෙන්නේ.

පාලිත තෙවරප්පෙරුම මහතා අවුරුදු විසි දෙකක් දේශපාලනය කරලා තියෙනවා.හැබැයි ඒ අවුරුදු විසි දෙකක කාල සීමාවට ඔහු තඹ සතේක දෙයක් හොරකම් කරලා නැහැ.ඒ ආදරණීය ගෞරවයත් එක්ක තමයි ඔහු සදහටම සමුගත්තේ.ඉතින් තමන්ගේ තාත්තා ගැන පුතෙක් තරම් දන්න කෙනෙක් ඉන්නවද අන්න ඒ නිසාම පාලිත තෙවරක් පෙර මහතාගේ ආදරණීය පුතා ඔහු ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ප්‍රාදේශීය සභා කාලේ ගත්ත කැබ් එකක් තමයි තාත්තා මැරෙනකම්ම පැද්දේ. මේ ජීප් වර්ගයට දැන් කියන්නෙත් තෙවරක් පෙරුම මොඩල් කියලා.කෑලි හැලි හැලේ තමයි තාත්තා ඒක පැද්දෙ. තාත්තා දේශපාලනය කියලා කිසිම දෙයක් එයාටවත් පවුලටවත් කියලා කරගෙන නෑ.තාත්තා දේශපාලනයට ඇවිල්ලා අවුරුදු විසි දෙකක් දේශපාලනයෙන් කියලා මේ ජීවත්වන ගෙදර එක ගඩොල් කැටයක් අල්ලලා නෑ. අදටත් අපි ජීවත් වෙන්නේ අපේ සීයා හදපු මහ ගෙදර. තාත්තා නැතුව ජීවත් වෙන්න මම හිතලවත් තිබුණේ නෑ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: