hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 19, පෙ.ව. 11:12



අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව ඇත.

අද පස්වරු 2.00ට මතුගම යටදොලවත්ත පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ජීවත්ව සිටියදී සිය දෑතින්ම සකස් කළ සුසානයේදී දේහය තැම්පත් කිරීමට සූදානම් බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දේහය පසුගිය (17) වනදා රාත්‍රියේ තෙවරප්පෙරුමගේ නිවස වෙත රැගෙන ආ අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රිය වන විටත් විශාල පිරිසක් පැමිණි බව වාර්තා වෙනවා.

විදුලිසැර වැදීමක් හේතුවෙන් ඔහු පසුගිය (16) වනදා ජීවිතක්ෂයට පත්වූ අතර ඒ වන විට ඔහු 64 වැනි වියේ පසු වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: