hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 11:16



9 වන පාර්ලිමේන්තුවේ තෙවන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) උත්සවාකාරයෙන් විවෘත කෙරුණා.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පවත්වන පැවැත්වුණු අතර ආචාර වෙඩි මුර සහ රථ සහ අශ්වාරෝහක පෙළපාලි නොමැතිව එය සිදු කිරීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද  ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි වුණා.