hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:08



ප‍්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි නායකයෙකුගේ දියණිය වැඩිවිය පැමිණීමේ උත්සවයක් කොළඹ සුපිරි හෝටලයක විශාල වියදමක් දරා පවත්වා ඇති බව පුවත්පත් වාර්තා කරනවා.

ඉකුත් 23 දා රාත්‍රියේ පවත්වා ඇති මෙම උත්සවය සඳහා ආරාධිතයන් දෙසීයකට ආසන්න පිරිසක් කැඳවා තිබිණි.

එදිනම රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක තවත් පිරිසකට නැවතත් සාදයක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

එම උත්සවයේ සියලු අවස්ථා බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු ජංගම දුරකතනයක් ඔස්සේ සජීව විකාශයක් නරඹා ඇති බවද දැනගන්නට තිබෙන බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: