hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2025 මාර්තු 30, පෙ.ව. 12:06



දෙවිනුවර වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නැමැති 29 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (29) සිදු කිරීමට නියමිතයි.

එම තරුණයාගේ පියා ධීවර රැකියාව සඳහා ගොස් සිටීම හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම පමාවී තිබු අතර, ඔහු අද සිය නිවසට පැමිණියා.

මියගිය පසිඳුගේ දේහය රිය පෙරහරකින් ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබුවා.

පසුගිය 21 වනදා රාත්‍රියේ සිදුවු මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු වන 28 හැවිරිදි යොමේෂ් නදිෂාන් මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ අයෙක්.

කෙසේ වෙතත් සිද්ධියෙන් මිය ගිය පසිඳු තාරකට කිසිදු චෝදනාවක් නොමැති බවයි වාර්තා වුණේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව පසු ගියදා මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනා පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ සැකකරුවන් පළා යමින් සිටිය දී මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් දෙවුන්දර සහ දෙවි නුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවන්.

ඝාතනයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන දෙහි බාලේ නැමැත්තාගේ සහෝදරයා සමග සබදතා පැවැත් වූ බවට පැවසෙන පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පිළිබඳව ද මේ වන විට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: