2024 නොවැම්බර් 22, පෙ.ව. 12:01
ජීවිත කාලය පුරාවට දුටු ලස්සන ම හීනය සීතල දෙසැම්බරයේ හැබෑවක් කරගන්න හීන දුටු ඔහු, සියල්ලන් හඬවමින් අවසන් ගමන් යන්නේ හදිසි අනතුරක් නිසාවෙන්.
පසිඳු පෙරේරා.
ගණේමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පසිඳු, පසුගියදා (18) පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටියදී, දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී අවසන් ගමන් ගිය බවයි වාර්තා වුණේ.
හීන මහ හුඟක් පොදි බැඳගෙන සිටි ඔහු, එළඹෙන දෙසැම්බර් නවවැනිදා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටි බව සඳහන්. දින ගැන්න මංගල හීනයට වඩා ඉස්සර වුණු අවමංගල ගමනට, පසිඳු සැරසී ඇත්තේ ද නුදුරේදීම හැඩවෙන්නට බලාසිටි මංගල ඇඳුමෙන්මයි.
මඟුල් ඇඳුමෙන් ම ලස්සනට හැඩවෙලා ඔයා. මං කොහොම දරා ගන්නද පණ ඔයා නෑ කියලා. ඔයා වෙනුවෙන් මං ඔයාගෙ මතක එක්ක ජීවත් වෙනවා පණ. මගෙ ළඟ ඉන්න මං මැරෙනකන් හරිද පණ. ඔයා වෙනුවෙන් මං මගෙ ජිවිතෙම කැප කරන්නම් මගෙ සුඩු පැටියො. අපේ හීන ඔක්කොම අපි ඊළඟ ආත්මෙ ඉශ්ට කරගමු හරිද. බය වෙන්නෙපා ඔයාගෙ සුරන්ගනාවි ඔයා එක්කම ඉන්නවා I love you my husband ”
ඒ, ආදරණීය හීන ඇහිඳිමින් නුදුරේදීම පසිඳුගේ අතගෙන මනාලියක් වීමට හීන දුටු ඇයයි.
‘මගෙ පණ මගෙ හැමදේම ඔයා. ඔයා ගියා කියලා තාම හිතාගන්න බෑ මට. තව දවස් 20කින් ඔයා මගෙ husband වෙන්න හිටියෙ. ඇයි පණ මාව දාල ගියෙ මෙච්චර ඉක්මනින්. දරාගන්න බෑ පණ. මැරෙනකන් ඔයා වෙනුවෙන් මං ඉන්නවා මගෙ රත්තරන්. RIP my husband ,Pasindu Perera”


2026 අප්රේල් 26, පෙ.ව. 12:15
2026 අප්රේල් 26, පෙ.ව. 12:12
2026 අප්රේල් 25, පෙ.ව. 12:13
2026 අප්රේල් 24, ප.ව. 3:45
2026 අප්රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26