hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 10, ප.ව. 3:58



ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක අද නව එක්දින වාර්තා දෙකක් තැබීමට සමත් වුණා.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව දැන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේදී පැතුම් නොදැවී ලකුණු 210ක් ලබාගත්තා.

ඒ අනුව පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා සහ එක්දින ඉනිමකදී ලකුණු 200 ඉක්මවා ගිය පළමු පිතිකරුවා යන වාර්තා දෙකම සිය නම ඉදිරියෙන් සටහන් කරගත්තා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිටියේ, විශිෂ්ඨ ආරම්භක පිතිකරු සනත් ජයසුරිය යි.

ඔහු එහිදී ලකුණු 189ක් රැස්කර තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: