hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 09, ප.ව. 5:22



මේ වනවිට ජනාධිපති මන්දිරයට ඇතුළු වී සිටින පිරිසක් ජනාධිපති මන්දිරයේ ඇති  බඩු භාණ්ඩ සොරා ගැනීමට තැත් කිරීමේදී අරගලකරුවන් විසින්ම ඊට විරෝධයක් එල්ල කර තිබෙනවා.

ඇතැම් පිරිස් සිදු කරන විනාශකාරී ක්‍රියා වලදී ඊට විරෝධය පෑ පිරිස් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මන්දිරය ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික දේපලක් නොව මහජනතාවගේ දේපලක් බවයි.

එය ආරක්ෂා කර ගැනීම යුතුකමක් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.