hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:01



සංගීත ක්ෂේත්‍රය තුළ දක්ෂ තබ්ලා වාදකයෙක් විදියටත් ගායකයෙක් ලෙසත් ඒ වගේම  වැඩසටහන් ඉදිරිපත් කරන නිවේදකයෙක් විදියටත් පේෂල මනෝජ් ප්‍රසිද්ධයි.

ඒ වගේම තමයි කොයි කවුරුත් දන්න විදිහට ඔහුගේ විවාහ ජීවිතේ. ඒ කියන්නේ  පළමු විවාහ ජීවිතය සාර්ථක වුණේ නැහැ.

ඒ නිසාම පේෂල නැවත වතාවක් විවාහ ජීවිතයක් ගැන හිතනවා.ඒ විදිහට ඔහු විවාහ වෙන්න තීරණය කරන්නේ පූර්ණිකා පීරිස් නමැති ක්ෂේත්‍රයේ  තවත් අතිශය දක්ෂ නිවේදිකාවක් සමඟයි.ඒ වෙද්දි පූර්ණිකාට ඇයගේ කලින් විවාහයේ ආදරණීය පුතෙක් හිටියා.

විවාහ කරගත්තට පස්සේ පූර්ණිකාට තවත් ආදරණීය පුතෙක් ඉපදුනා.

මේ වෙනකොට පේෂල සමගි ජන බලවේගයේ කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ.

ඉරාජ් පොහොට්ටුවේ සාමාජිකයෙක් නිසා පේෂල නිතරම ඉරාජ් එක්ක අවුල් ඇති කර ගන්නවනේ.

උමන්දාවේ උත්සවයකට පේෂල ගිහින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ක කතා කරන ජායාරූපයක් හරි හරියට සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

ගොඩක් දෙනෙක් නම් කියන්නේ පේෂල පක්ෂය මාරු කරලා කියලයි.

හැබැයි එකේ සත්‍ය අසත්‍යතාවය නම් අපි දන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: