hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 28, ප.ව. 1:54



ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වුණා.

එමෙන්ම කිසිදු පාතාල කල්ලියක් සමග ඔහුගේ සබඳතාවක් නොමැති බව ද පොලීසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

රොෂාන් කුමාර මහතා මීට මාස 07කට පමණ පෙර චමුදිත සමරවික්‍රම සමඟ යූටියුබ් සාකච්ජාවකට එක් වී තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කරන්නේ මිරිස්කුඩු, තක්කාලි සෝස්, සිනි සඳහා වර්ණක යොදා ගන්නා බවත් ඒවා මේ වන විට වෙළඳපොළේ ඇති බවත්ය.

කෙසේවෙතත් මේ වෙනකොට ඔහු සිය දිවි හැර ගොස් අවසන්. බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ ඔහු මෙම සාකච්චාවට එක් වී කරනු ලැබූ අනාවරණ හේතුවෙන් ඔහුව මෙලෙස ඝාතනය කළ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: