2022 ජූලි 04, ප.ව. 9:27
කුලියාපිටිය නගර සභාව මගින් පාලනය වන මීගහකොටුව කනදුල්ල කොම්පෝස්ට් අංගනය අසළ ඉදි කළ මේ වන තෙක් භාවිත කර නොමැති ගව ඝාතකාගාරයේ ඌරන් ගාල් කොට ඇතැයි ලද පෙත්සම් අනුව විමර්ශනය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා නිලධාරීන් වහාම ඌරන් ඉවත් කරන්නැයි නොතීසි අලවා තිබූ බව වාර්තා වෙනවා.
පසුව එම විමර්ශන කණඩායම නැවත එහි ගිය අවස්ථාවේදී අදාළ ඌරන් හිමිකරු විසින් ඉවත් කරගෙන ඇති අතර අදාළ ගොඩනැගිල්ල අගුළු දමා සීල් කිරීමට නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
එහිදී ඌරන් ඉවත් කර ගන්නැයි දැන්වූ නොතීසිය ගලවා බිම දමා ඇති අයුරුද දක්නට ලැබූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සදහන් කළා.
කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06