hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:00



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල  අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

කවුරුම හෝ කෙනෙක් අන්ත අසරණ වෙලා බුකියට සටහනක් ඡායාරූපයක් එකතු කළත් ඊට පියුමි හංසමාලිව මෙන්ෂන් කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.

ඊට හේතුත් ඕනෑ තරම්. මොකද ඇය ඒ තරමට අසරණ හිත්වලට සරණක් වෙන්න උත්සාහ ගන්න චරිතයක්.

ඉතින් මෙච්චර කාලෙකට ඇගේ මේ යහ පුරුද්ද අපි දැක්කෙ ලංකාවේ අපේ මිනිස්සු සහ අසරණ වුණු සතුන් අරඹයානේ.

මේක ඊට වෙනස් කතාවක්.

ඇය මෙවර පිහිටක් වෙලා තිබුණෙ සිරියානු දරුවන් පිරිසකට.

කියවලා බලන්නකො මේ කතාව….

”Turkey ආවා අපේ අලුත් Products වගයක් ගන්න.

ඒ meeting එක ඉවර වෙලා එළියට ආවා විතරයි අනේ මේ ළමයි මගෙ ළඟට දුවන් ආවා.

මගෙ මාත්තයා එයාලාට සල්ලි දුන්නා.

අනේ ඒ සල්ලි එපා අපිට කන්න අරන් දෙන්න කියලා ඉස්සරහා තිබ්බ කඩේ පෙන්නුවා. පවු සල්ලි එපාම කිව්වා.

සල්ලිත් තියාගන්න කියලා හිතේ හැටියට කන්න ආසා දෙවල් ගන්න කිව්වා.

කෑම කන ගමන් මම එයාලා එක්ක කතා කලා, මේ පුංචි දුවගෙ තාත්තා මැරිලා.

අනිත් අයගෙ තාත්තලාගෙ කකුල්වලට වෙඩි වැදිලා කකුල් කැඩිලා.

මම හිතුවා මෙයලා මෙහෙ කියලා. ඒත් මෙයාලා සිරියාවෙ යුද්දෙ නිසා මෙහෙ ඇවිල්ලා පවු අසරණයි.

සිඟමන් යදින එක තමයි මේ ළමයි කරන්නෙ.

මම එයාලා එක්ක කතා කරනකොට එයාලා කිව්වා එයාලාගෙ අම්මලට තව පුංචි ළමයි ඉන්නවලු.

පවු ඒක අහලා මට තවත් දුකයි. අනේ මම එන වෙලාවෙ මම තව සල්ලි දුන්නා.

අම්මලාට දෙන්න කියලා.

අඩුම තරමෙ මම දුන්න සල්ලිවලින් ගෙදර ඉන්න ළමයිට කිරි පැකට් එකක් හරි ගනිනේ ඒ සල්ලිවලින්.

පුදුම විදිහට මනුස්සකම තියන ළමයි.

කෑම ගෙනාපු ගමන් එයාලා ඔක්කොම කෑම කන්න කියලා අනේ මටත් කන්න කිව්වා.

මම කිව්වා මම දැන් කෑවා pizza කියලා.

අනේ එහෙනම් chicken කෑල්ලක් හරි කන්නලු.

පවු මගෙ මාත්තයාටත් කන්න කියලා වද දෙනවා.

අපි දෙන්නටම කන්න බෑ බඩ පිරිලා. එයාලා ළඟ මනුස්සකම මහා ගොඩාරියක්. මම දැක්කා.

ඒත් සල්ලි තියන අය ළඟ මම මේ තරම් මනුස්සකමක් නම් දැකලා නෑ.

මේ පුංචි දුව ඉඳගත්ත ගමන් එයාගෙ කෑම එකේ තිබ්බ chicken මේ අනිත් ⁣ළමයි දෙන්නට දැම්මා පවු.

එයාලා කිසි කෙනෙක් උදේට කාලත් නෑලු සල්ලි නැති නිසා.

මෙහෙම ළමයි ඔයාලා ළඟට ආවොත් අනේ පුලුවන් විදිහට කන්න අරන් දෙන්න.

මම නම් හැමදාම දැක්කොත් කොහේ හෝ කෑම අරන් දීලා තමයි ඉන්නෙ.

මේ කරන පිං දවසක ඔයාලට ලැබෙනවාමයි…..”

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: