hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

ඔන්න ඉතින් පහුගිය දවසක රූපවාහිනි නාලිකාව වැඩසටහනකට එක්වෙමින් පියුමි යළි නිරෝධායන ගමන ගැන මතකය ආවර්ජනය කරලා තිබුණා.

ඒ තමන්ගේ ජීවිතේ අමතක නොවන මතක සටහනක් හැටියට.

”…කතා ගොඩක් තියෙනවා. ළඟදි වෙච්ච දේවල්වලින් අමතක නොවෙන්නෙ අපේ නිරෝධායනය එක. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ. සප්‍රයිස් එකක් වගේ ඒක.. යාළුවෙක්ගෙ බර්ත්ඩේ එක්කට ගියා. අපිව දවස් 15ක ට්‍රිප් එකක් යැව්වා. ඉතින් කවදාකවත් ඒක අමතක වෙන්නෙ නෑ. මොකද පොඩි එක්කෙනා නැතුව එච්චර දවසක් හිටිය මගේ ජීවිතේ පළමු අවස්ථාව ඒක. ඉතින් හරිම නිදහස්. හරිම නිදහසේ හිටියා. කවදාකවත් අමතක වෙන්නෙ නෑ ඒ ට්‍රිප් එක…”

ගමනෙ මුලදි කේන්ති අරන් අවසානයේ කේන්තිය නිවෙන්න හේතු වුණු කාරණා ගැනත් පියුමි මේ විදියට කියලා තිබුණා.

” කේන්ති යන්න හේතුව කියන්නෙ, අපිට ගෙදරට එන්න කියලා… කට උත්තරයක් ගන්න කියලා එන්න කියලා අපිව බස් එකේ දාගෙන අරගෙන යනවා. ඉතින් කේන්ති යන්නෙ නැද්ද. ඊට පස්සෙ අපේ හමුදාවේ අය අපිට සලකපු විදියට මට හිතුණා, අයියෝ මම කෑගහගෙන බොරුවට ආවා අපරාදේ අපිව මේගොල්ලො මාර ට්‍රිප් එකක්නේ අනේ එවලා තියෙන්නෙ කියලා. සීතල පැත්තක රට ගියා වගේ හැඟීමක් ආවේ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: