hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 31, පෙ.ව. 12:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.

තමන්ට ආදරේ කරන හැමෝම වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතේ විශේෂ කාරණා ගැනත් තොරතුරු සමාජ මාධ්‍යට එක්කාසු කරන්න ඈ අමතක කරන්නෙ නෑ.

‘Future Fashion Faces World’ කියන්නෙ ආගම, වර්ණය, ජාතිය, ආගම හෝ වාර්ගික සම්භවය නොසලකා තරගකරුවන්ට සහභාගී වීමට සමාන අවස්ථාවන් සලසන ජාත්‍යන්තර වේදිකාවක්… ජාත්‍යන්තර නිරූපණ වේදිකාවක්…

2016 වසරේදී එය නියෝජනය කළ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි රටවල් 45/50ක තරගකරුවන් අතරින් ”best model of the Asia” ලෙස කාගෙත් අවදානය දිනාගෙන තිබුණා.

එලෙස ලද ජයග්‍රහණයෙන් පසු සෑම වසරකම පාහේ පියුමිට අවස්ථාව සැලසෙනවා මෙම තරගාවලියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට.

එහෙමත් නැත්නම් ජාත්‍යන්තර නිරූපණ වේදිකාවක විනිශ්චය මණ්ඩලයේ ලාංකික නියෝජනයක් වීමට.

තරගාවලිය පැවැත්වෙන්නෙ තුර්කියෙ.

ඉතින් සුපුරුදු පරිදි මෙවරත් පියුමිට අවස්ථාව ලැබිලා තියෙනවා, එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීමට.

ඒ අතරතුරයි ඈ මේ ගැන ෆේස්බුක් සටහනකින් රසික සමූහයාව දැනුවත් කරලා තිබුණෙ.

”future fashion faces of the world 2016 pageant එකට 2016 දි මම සහභාගී වුණා.

රටවල් 45/50 අතර තරගකාරියන් සිටියා.

ඉතිං මට ලැබුණා best model of the Asia.

හරිම සතුටුයි එදා ඉතිං මට මගෙ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුලුවන් වුණානෙ.

ඉතිං ඒ දිනපු වසරෙ සිට සෑම වසරකම එයාලා මට ආරාධනා කරනවා,

මේ pageant එකේ judging වලට.

ඉතිං දැනට එක දිගටම අවුරුදු ගාණක් මම එනවා.

නිතරම කියනවා වගේ මම වාසනාවන්තයි.

මොකද මෙහෙම මගෙ රට වෙනුවෙන් තරග කරන්න ඇවිල්ලා,

ඒක දිනලා සෑම වසරකම ඒ දිනපු තරගාවලියේ විනිසුරු මඩුල්ලකට සහභාගී වෙනවා කියන්නෙ ඉතිං මට මම ගැන හරිම ආඩම්බරයක්.

මම අතින් සල්ලි වියදම් කරන් එන්නෙ නෑ.

ඉස්සර ඉදලම එයාලා තමයි සියලුම දේ වියදම් කරලා මාව එහෙට ගෙන්වා ගන්නෙ.

එයාලා මට හරිම ආදරෙයි

මම ආසම රට එච්චරටම ලස්සන රටක් මේක

ඉතිං දන්නවද මට මේ ලස්සනම ලස්සන කැන්ඩියන් එක හදලා දුන්නෙ කවුද කියලා.

දවසින් හදලා එව්වා අපෙ ආදරණීය කාලාකරුවෙක් වන අමිල අබේසේකරගෙ ආදරණීය බිරිඳ theja akki

ගිය පාරත් හදලා දුන්නා

ඉතිං අක්කි ඔයාට ගොඩාක් ස්තුති

ඔයාලටත් ලස්සන සාරි මේ වගේ හදාගන්න ඕනෙ නම්,

මේ අක්කිට දාන්න මැසෙජ් එකක් එයා හදලා දෙයි ලස්සන සාරි තියෙනවා මේ අක්කි ළඟ

බලන්නකො කැන්ඩියන් එක ඇදලා මම ඉන්න සංවරකම

ඒ අස්සෙ යට සායක් අරං ගිහින් නෑ

අමතක වෙලා

අද best national costume day එක

ඉතිං ඒකයි මම අපෙ දේ ඇන්දෙ ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: