hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 අප්‍රේල් 18, පෙ.ව. 9:41



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය නිරූපිකාවක් සහ රංගන ශිල්පිණියක් වන පියුමි හංසමාලි භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (17) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මැතිවරණයක් අත ළඟ බැවින් දේශපාලඥයන් විසින් තමන් ඉතිරි කර ගත් කළු සල්ලි සියල්ල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට එන්නත් කිරීමට නැඹුරු වන බවත්, මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගලයන්ට එය හොඳ කාලයක් වී ඇති බවත් ඔහු පවසනවා.

ඔහු පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රේන්ජ් රෝවර් රථය (CBH 1949) පියුමි හංසමාලි ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව යම් සැකයක් පවතින බවයි.

එබැවින් දේශපාලනඥයන්ගේ කළු සල්ලි සම්බන්ධ මුදල් විශුද්ධිකරණය සඳහා පියුමි හංසමාලි යොදා ගන්නා බවට සැක මතුවන බවද ඔහු චෝදනා කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රෑපලාවන්‍ය අලෙවියේ යෙදී සිටින ඇය මේ වනවිට සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත් ඇය මෑතකාලීනව කිසිදු රෑපවාහිනියක පෙනී නොසිටි බවයි.

එමෙන්ම රූපලාවණ්‍ය අලෙවියෙන් ජීවිකාව ගෙන යන කිහිප දෙනෙකු තමන් දන්නා බවත් ඔවුන්ගේ ජීවන රටාව හා සැසඳීමේදි ඇය සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බවත් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් පියුමි හංසමාලි හඬ අවදි කර තිබුණා.

ඒ සිය මුහුණුපොතේ සටහනක් තබමින්.

එම සටහන පහතින්,

Good morning අද ඉදලා ඔයාලාට Piumiskin මෙ සියලුම දෙ ගන්න පුලුවන් කැමති නම් online oder කරන්න පුලුවන් කැමති නම් ගිහින් ගන්නත් පුලුවන් Piumiskin එකෙ එන herbal සෙට් එක තමයිඔයා ඔය ටික සෙරම ඔයාලාට ගන්න පුලුවන්.පහුගිය දවස් වල මම මෙක story’s දාලා ඔක්කම ඉවර ඉවර උනා එකයි තිබුනු ඇලොවෙරො ජෙල් බොඩි butter ඔක්කම. 1500 ක් sale උනා. ඉතිං ඔන්න අලුත් set එක ආවා මෙ අංක. වලට කතා කරන්න ඔය ටික ගන්න පුලුවන් අන්තිමට දාලා තියන පිංතුරෙ තියනවා ඔක්කම contact numbers එකට කතා කරන්න . දවසක ජිවිතෙ දානන් ආසාවෙන් ඉන්න හැම ගැහැනියකටම ජිවිතෙ දිනන්න ලැබෙන්න ඔනෙ.පාං පෙත්තක් වත් කන්න ඇගෙ පන නැති නිට්ටැවෙක් මයික් ඉස්සරහාට ගිහින් කුඩු සල්ලි money Lon-drying කියලා කැ ගහන තරමටම සල්ලි හම්බ කරන්න ඉයෙ දැක්කද video එක අයියො සංසාරෙ මග ඇවිද ගන්න පන නැ මගෙ වත් කම් හොයන්න ලු .රැපියල් 50 දාහාකට පිනට කැහැලා ඉයෙ කැවද අයියා රැට කුකුල් මස් එ සල්ලි වලින් සල්ලි නැ කිව්වා නම් ඔයාට ජිවිත කාලෙටම මම කන්න දෙනවා.මොකද මම සත්තුන්ටම දෙන්නෙ KFC .ඔයාට කොමත් මම බිම බාඩගාන් යන්න. දෙනවා බොරැ කියනවට.වහින වෙලාවට එලියට බහින්න එපා මම සාප කරනවා වැහි නැති හෙන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: