hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 04, පෙ.ව. 12:08



කාලෙන් කාලෙට පුවත් මවන චරිත අතර පියුමි හංසමාලි කියන්නේ ඉදිරියෙන්ම ඉන්න චරිතයක්. නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදිහට කතාබහට ලක්වන ඇය පසුකාලීනව ව්‍යාපාරික කාන්තාවක් හැටියට කරළියට පැමිණියා. ආලේපන ව්‍යාපාරයක හිමිකාරිනියක් වුන ඇය එම ව්‍යාපාරය නිසාම විටින් විට සෑහෙන කතාබහකට ලක්වුණා. ඒ කතා බහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්වාම දුරදිග ගිය කතාබහක් උනා.

ව්‍යාපාර පැත්තෙන් එහෙම වෙද්දී පියුමි හංසමාලිගේ පෞද්ගලික ජීවිතය ගැන සමාජ මාධ්‍යවල කතා බහට ලක්වෙනවා. ගෙවුණු කාලයේ ඇගේ ආදරවන්තයා එක්ක ගත කරපු ජීවිතේ ගැන පියුමි නිතර තබන සටහන් වීඩියෝ සහ ඡායාරූප හරි සුලබ කාරණයක් වුණා. නමුත් මෑතක පටන් මෙම ආදර කතාව දෙදරා ගොස් ඇති බව හැමෝම දන්න කාරණයක් වුණා.

මේ දෙන්නට දෙන්නා සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකාට දොස් පවරා ගන්න ආකාරය දැක්කම ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. පියුමිගෙ ප්‍රේම කතාව එහෙම වෙද්දී පියුමි චන්දිමාල් හොඳම යාළුවො දෙන්නත් දැන් විරසක වෙලා.

පියුමි හංසමාලි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමක් සිදු කරමින් සදහන් කරන්නේ තමාගේ අත්සන ව්‍යාජව යොදා ගනිමින් තමන්ගේ හිටපු සැමියා වාහනයක් මිලදී ගෙන ඇති බවයි.

ඒ වගේම මේ වැඩේට චන්දිමාලුත් සම්බන්ධයි කියලා චන්දිමාල් එක්ක කරපු සංවාදයකුත් ඇය සමාජ මාධ්‍ය ගිණුමට එක් කරලා තිබුණා.

පියුමි හංසමාලිට පිළිතුරු විදියට චන්දිමාල් ජයසිංහ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ විවිධාකාර පළකිරීම් කරලා තිබුණා.

ඒ අතරවාරයේ පියුමි හංසමාලිගේ හිටපු සැමියා ප්‍රගීත් තනුෂ්කද ආන්දෝලනාත්මක පල කිරීම් කිහිපයක්ම සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: