hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:03



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

අසරණ අයට උදව් කරනවා වගේම තමයි ඇය අසරණ සත්තුන්ටත් ඉතාමත් ආශාවෙන් උදව් කරනවා.

ඉතිං මෙහෙම අසරණව ඉන්න සුනඛයින්ට උදව් කරනවා කියලා සල්ලි අරගෙන ඒ සුනඛයින්ට අවශ්‍ය පහසුකම් නොදුන්න කාන්තාවක් ගැන පියුමි හංසමාලි හෙළිකලේ මෙහෙම.

“මේ ගෑනු කෙනා මල්ලි අසරණ වුණ සුනඛයින්ට අවශ්‍ය පහසුකම් දෙනවා කියලා කියන්නේ,මමත් සල්ලි තිස් හතලිස්දාහා, ලක්ෂයක් විතර දෙනවා සතියකට,ඒත් ඒ කාන්තාව මෙයාලට කන්න බොන්න දීලා නෑ… ඉතින් මම මෙයා ගාවින් මේ බල්ලො ටික ඔක්කොම ගන්නවා,මේ ගැනත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉන්නේ”

පියුමි එයාගේ සමාජ ජාලා ගිණුමේ මෙන්න මේ වගේ සටහනකුත් බෙදාගෙන තිබුණා.

“සාමාන්‍යයෙන් මගෙයි පුතයි ඇස් දෙකට කූඩු වල ඉන්නවා දැක්කොත් සල්ලි දීලා අරං හදන කෙනෙක්ට නිකං දෙනවා.මොකද මට දුකයි එයාලා කූඩුවල ඉන්නවා දැක්කම බලන්නකො මේ ජරා මිනිස්සු කරලා තියන පහත් වැඩේ කොච්චර හුරතල් ලස්සනට හිටිය පැටියද දස වද දීලා මගෙන් සල්ලි හුරං කලා සතාට කන්නවත් නොදි ගහලා ගහලා මරලා දාලා , එක්කො අපිට ආය දෙන්න තිබ්බා මම නම් සාපම කරනවා “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: