hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 23, පෙ.ව. 12:01



ජනප්‍රිය නිළි පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ව්‍යාපාරයේ ආදායම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

එහි දී ඇය විසින් සිදු කරන ආනයන අපනයන සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරනු ඇති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රුපියල් ලක්ෂ 780ක් වටිනා රේන්ජ් රෝවර් මෝටර් රථය සහ කොළඹ වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයෙන් කෝටි 15 කට ආසන්න මුදලකට මිලට දී ගෙන තිබෙනවා.

ඒ පිළිබදව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් එම වත්කම් මිලට ගත් බවයි.

ඒ අනුව ඇයගේ රූපලාවන්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

පියුමි හංසමාලි වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයේ 20 වැනි තට්ටුවේ පිහිටි නිවෙසක් මිල දී ගෙන තිබුණා.

අනතුරුව එම නිවස අත හැර 23 වැනි මහලේ පිහිටි නිවෙසකට මාරු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම මාරු වූ නිවෙසේ කාමර 3ක්, නානකාමර 3ක්, බැල්කනි 4ක් මුළුතැන් ගෙයක් සහ කෑම කාමරයකින් යුක්ත බව පොලිසිය සඳහන් කළා.

පියුමි හංසමාලි එම නිවෙස වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දිනෙක බොරැල්ල ප්‍රදේශයේ බැංකුවකට රුපියල් ලක්ෂ 50ක් බැර කර තිබෙනවා.

අනතුරුව රුපියල් මිලියන 87 ක මුදලක් ගෙවා ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්‌තේ.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ එම නිවාස සහ දේපොළ වෙළෙදාම් ආයතනය සමග එකගතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ඒ අනුව 2023 අප්‍රේල් මාසයේ රුපියල් මිලියන 5ක්, 2023 මැයි මාසයේ දී දෙවතාවකට මිලියන 143 ක් වශයෙන් ගෙවීමට එකඟත්වය පළ කර ඇති බව සඳහන්.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ එම මුදල් ගෙවා දැමීමට නියමිතව තිබුණා.

ඇය විසින් එම මුදල සම්පූර්ණ වශයෙන් ගෙවා අවසන් කර තිබුණේ 2023 දෙසැම්බර් මාසයේ දීයි.

මේ වන තෙක් එහි ඔප්පුව පියුමි හංසමාලිගේ නමට ලියාපදිංචි කර නැහැ.

තවද පියුමි හංස මාලි සහ ඇයගේ සමීපතමයන් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ද මේවන විට වාර්තා ලබාගෙන ඇති තිබෙනවා.

එහි දී බැංකු ගිණුම් 19ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි මෙරට පළ වන ජාතික පුවත්පතක් දැක්වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: