2026 සැප්තැම්බර් 24, ප.ව. 6:08
හැමෝම ආදරය කරන MG ධනුෂ්ක මෙසේ සටහනක් තබා තිබෙනවා..
මම අද මේ වචන ටික ලියන්නේ ගායකයෙක් විදිහට විතරක් නෙවෙයි… ගීතයකට ආදරය කරන කෙනෙක් විදිහට.
මගේ ගීත ඕනෑම කෙනෙකුට ගායනා කරන්න පුළුවන් කියලා මම මීට කාලයකට කලින් ඉඳන්ම කියලා තියෙනවා. ඒ ගැන මගේ අදහස අදටත් වෙනස් වෙලා නැහැ.
මම කිසිම සංගමයකට අයත් කලාකරුවෙක් නෙවෙයි. මම ස්වාධීන කලාකරුවෙක්. ඒ ගමන ඉදිරියටත් ඒ විදිහටම යන්න මම බලාපොරොත්තු වෙනවා.
මගේ ගායන ගමන ආරම්භ වුණේ Derana Dream Star වේදිකාවෙන්. එදා මට තිබුණේ අනුන්ගේ ගීත ගායනා කරමින් මගේ හඬ හඳුන්වා දීමේ අවස්ථාවක්. ඒ ගමනේදී අනුන්ගේ නිර්මාණ ගායනා කිරීමත් එක්ක ඇතිවෙන්න පුළුවන් නීතිමය ගැටලු ගැන මමත් අත්දැකීමෙන් ඉගෙන ගත්තා.
කාලයත් එක්ක…
අද මම මගේම ගීත නිර්මාණ වේදිකාවක් මත ගායනා කරන තැනකට ඇවිත් තියෙනවා.
ඒක මට ලැබුණු ලොකුම සතුටක්.
ගීතයක් කියන්නේ ගායකයාගේ හඬ විතරක් නෙවෙයි.
ඒ ගීතය පිටුපස පද රචකයෙක් ඉන්නවා… සංගීතඥයෙක් ඉන්නවා… නිර්මාණකරුවන්ගේ හීන, මහන්සිය, කඳුළු සහ කැපකිරීම් තියෙනවා.
ඒ නිසා මම ලියපු, මම පද රචනා කරපු, මම සංගීතවත් කරපු මගේම නිර්මාණ ඔබ ගායනා කරනවා නම්, ඒක මට අවංකවම සතුටක්. ඒ ගීත මගේ ළඟ තියාගන්න නෙවෙයි… ඔබ අතරට ගිහින් තවත් හදවත් තුළ ජීවත් වෙනවා දකින්නයි මගේ කැමැත්ත.
නමුත් මම ගායනයෙන් පමණක් දායක වූ නිර්මාණයක් ඔබ ගායනා කරනවා නම්, ඒ නිර්මාණය බිහිකරපු පද රචකයාට, සංගීතඥයාට සහ අනෙකුත් නිර්මාණකරුවන්ට නිසි ගෞරවය ලබාදෙන්න.
මේ ගීත වලට පදරචකයෝ තනු නිර්මාණ ශිල්පින්, ගයන ශිල්පින් සංගීත කණ්ඩායම් හැමෝම මේකට ගහ මරගන්නවට වඩා මේක සදාරණව විසදගෙන, මේ තියන ගීත පරිස්සම් කරගෙන ගීත හැමෝම ආදරයෙන් වැළදගන්න කියන එක තමයි මට දෙන්න තියන එකම පණිවිඩය,
කලාව කියන්නේ සාමූහික හැගීමක් සහ දැනීමක්,
මොකද…
ගායකයා ගීතයට හඬ දෙනවා.
නමුත් නිර්මාණකරුවා ගීතයට ජීවිතය දෙනවා.
මගේ හඬින් ඔබ ගීතයක් අහන්න පුළුවන්.
නමුත් ඒ ගීතය ඔබේ හදවතට දැනෙන්න හේතුවුණේ, ඒ පිටුපස සිටි නිර්මාණකරුවන්ගේ හදවතයි.
ඒ නිසා මගේ නිර්මාණ ඔබේ කරගන්න.
ගයන්න. බෙදාගන්න. ආදරය කරන්න.
සංගීතය බෙදුවාට අඩුවෙන්නේ නැහැ…
බෙදන තරමට තවත් ලස්සන වෙනවා.
2026 සැප්තැම්බර් 24, ප.ව. 5:30
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:02
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 12:07
2026 සැප්තැම්බර් 23, ප.ව. 3:26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26