hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 5:03



නුවරඑළිය දිශාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතාගේ වසර 39ක සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගැනීමේ උත්සවය ඊයේ (21) දින නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

නුවරඑළිය දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ හක්මන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ.

ජේ.ඒ.උපාලි ප්‍රියන්ත ජයසිංහ මහතා 1984 වර්ෂයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැඳී වසර 39 ක සේවා කාලය නිමා කරමින් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කළ සේවාව අගයමින් පොලිස් උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කළ නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ කතාවේදී බොහෝ සෙයින් හැඟුම්බර වෙමින් සංවේදී වන අයුරු දක්නට ලැබුණි.

විශ්‍රාම සුවය ලබාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වලාන දූෂණ මර්දන ඒකකයේ සහ මත්ද්‍රව්‍ය වැටලීමේ කාර්යන්හි බොහෝ සෙයින් රටට සේවාවක් කළ නිලධාරීයෙකු වීම විශේෂත්වයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: