hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 14, පෙ.ව. 12:02



පූජා උමාශංකර් කියන මේ සිනමා තරුව ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හිත් වසඟයට පත් කරපු ආදරණීය රංගන ශිල්පිනියක්.

ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා.ඇය ඉන්දියාවේ ඉපදුනාට ලංකාවේ සිනමාව තුළින් තමයි ජීවිතය ජයගත්තේ.පූජාට ගොඩක් ආදරය ලැබෙනවා වගේම පසුගිය කාල සීමාවේදී රසිකයන් හොයන්න පටන් ගත්තා ඇත්තටම ඇයි පූජා නිහඬ වෙලා කාලය ගත කරන්නේ කියලා.

ඒත් එක්කම සමාජ මාධ්‍ය පුරාවටම ඇය පිළිබඳව ඇතැම් ප්‍රකාශ සංසරණය වෙන්න පටන් ගත්තා.ඒ ප්‍රකාශ වල තිබුණේ පූජා මේ වෙද්දි සාමාන්‍ය ජීවිතයට සමු දීලා අධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් විවිධ වතාවත්වල නිරත වෙනවා කියන දේ.තවත් සමහර අවස්ථාවන්වලදී ඇය කන්‍යා සොහොයුරියක් වෙලා කියන පුවතකුත් සමාජ මාධ්‍ය පුරාවට ප්‍රචාරය වුණා.හැබැයි ඒ කතාව ඇත්තක් නෙවෙයි කියලා එම සඳහන් කරනවා.

ඇය උපතින්ම ක්‍රිස්තියානි . ඒ නිසාම ඇය ජේසුස් වහන්සේ බයිබලය වැනි බොහෝ දේවල් නිතර අධ්‍යයනය කරන කෙනෙක්.ඒ දේ වැරදියට වටහාගෙන බහුතරයක් දෙනා ඇයට විවිධ කතා කියලා තිබුණා.ඇත්තටම ඇය මේ දවස්වල ජීවිතේ ගතකරන්නේ කලකිරීමෙන්ද කියලා අහපු අවස්ථාවකදී ඇයම කියලා තිබ්බේ මේ වගේ කතාවක්. 

“අයියෝ නෑ ජීවිතේ ගැන කලකිරෙන කිසිම හේතුවක් මට නෑ මම හරිම සතුටින් ඉන්නවා.මමයි මගේ හස්බනුයි අපි දෙන්නා ඉන්න බැංගලෝර් වල එපාර්ට්මන්ට් එකක. apartment එකේ පොදු වැඩ වලදී මම මූලිකත්වය අරන් වැඩ කරනවා. ඒ නිසා මට වෙලාවක් තිබුණේ නැහැ facebook, instagram update කරන්න.ඇත්තටම අපි ඔක්කොම අධ්‍යාත්මික ගමනකට බහින්න ඕනේ ඒක කරන්න ඕනේ අපේ ආච්චිලා සීයලා වුණාට පස්සේ නෙවෙයි තරුණ වයසෙදිමයි එහෙම කරන්න ඕනේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: