hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 11:36



අසභ්‍ය වචනයෙන් බැන රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට මුදල් අමාත්‍යාංශයට පුද්ගලයෙකු විසින් තැපැල් පතක් එවා තිබෙනවා.

එහි දැඩිව දෝෂාරෝපණය කරමින් සඳහන් කර ඇත්තේ මත්පැන් මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින්.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කසිප්පුකාරයින්ගේ පගා කරුවෙක් බවයි එම තැපැල් පතේ සඳහන් කර ඇත්තේ.

එම තැපැල් පත පහතින්,

-උපුටා ගැනීම-

කෑගල්ලලේදී

රංජිත් සියඹලාපිටිය.

තෝ අරක්කු සහ සිගරට් මිල වැඩිකළේ කසිප්පු කාරයින්ගෙන් පගාව ලැබෙනවද. මාස්පතා අරක්කු මිල වැඩි කලේ————

තොට දුප්පත් ජනතාව ඇඟේ අමාරුවට බොන අරක්කු බෝතලය තමයි හැම මාසෙකට සැරයක් වැඩි කරන්නේ තොට ආදායම පෙන්වන්න. තොට වෙන මාර්ග නැද්ද ආදායම වැඩි කරලා පෙන්වන්න. තොට හෙන ගහනවා සාප වෙනවා. දැන් වුණත් ගල් බෝතලය අරගන්නේ  දැනටත් 515/. ඒකත් 50% කින් වැඩි කරලා.

—–නිතරම අරක්කු මිල වැඩි කරන්නේ. තෝ කසිප්පු උවදුර තවත් වැඩි කරනවා. —– වහාම අඩු කරපන්. මරුම් නොකා. තොට ලඟදීම වැඩක් දෙනවා.

රංජිත් සියඹලාපිටිය

(කසිප්පුකාරයින්ගේ පගා කාරයා)

රාජ්‍ය දේශීය මුදල් ඇමති

මුදල් අමාත්‍යාංශය

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ

-උපුටා ගැනීම අවසන්-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: