hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 3:09



ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ප්‍රභුදේවා ලංකාවට පැමිණ තිබෙනවා.

ඉදිරියේදී තිරගත වීමට නියමිත “මුසාසි” චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Sam Rodrigues විසින් වන අතර ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Prabhudeva වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතින් ඔහු එක්ක නිර්මාණයකට සම්බන්ධ වෙන්න අසංකිටත් අවස්ථාවක් ලැබිලා.

එහෙම අවස්ථාවක් ලැබීම සැබවින්ම භාග්‍යයක් වන නිසාම ඇය තමන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාව ගැන මේ විදියට වචන එකතු කරලා තිබුණා.

”It was truly an honor and privilege that I got an opportunity to work with this beautiful humble soul Prabhudeva master

ඔහුගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත Musasi චිත්‍රපටයේ ගීතයකට ඔහු සමඟ රංගනයෙන් දායක වෙන්න ලැබීම මාගේ රංගන ජීවිතයේ මා ලබපු වටිනාම අවස්ථාවක් සහ භාග්‍යක් කොට සලකමි.

ඔහු සමග වැඩ කළ දවස් දෙක හරිම ලස්සන හිනයක් වගේ.

පුදුමාකාර සරල නිහතමානී චරිතයක්.

ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේවල් බොහෝය…”

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: