hit counter

2026 ජූනි මස 29 වන සඳුදා

2026 ජූනි 30, පෙ.ව. 12:13



ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලබන, “ප්‍රේමියේ” සිනමාපටය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා.

ශලනි තාරකා සමඟින් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ නව පරපුරේ ජනප්‍රිය තරු දෙපළක් වන දර්ශන් තවරාජා සහ ධනුක දිල්ශාන් විසිනි.

අනුරාධ මල්ලවාරච්චි, නිරෝෂන් විජේසිංහ, කාවිංග පෙරේරා, චතුර රාජපක්ෂ, සාශා කරුණාරත්න, අමන්දා ජයරත්න, දසුනි නවෝද්‍යා, නයෝමි පෙරේරා, මීනා කුමාරි, සුමිත් ඉලංගෝ, කලණ ගුණසේකර, නිර්මා සුරාජි, රුමේෂා ජයකොඩි, සචින්තනී කෞෂල්‍යයා, මනීෂා කන්දෙකුඹුර, සංගීත් ප්‍රභූ, අශේන් අප්පුහාමි, සුහන්දි උපේත්මා, ශැගී වීරනායක, විරාජ් පෙරේරා, උපතිස්ස බාලසූරිය, සිසිර ගීකියනගේ යන පිරිස විසින් “ප්‍රේමියේ” සෙසු චරිත නිරූපණය කරනු ඇති.

නිර්මාණ රැසකින් ප්‍රේක්ෂකයින්ගේ ජනාදරය දිනූ ශලනි තාරකා, සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂය.

“ප්‍රේමියේ” මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ නිෂ්පාදනයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: