2023 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:02
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පෞද්ගලික විදුහල 17 වනදා නොපවත්වා ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පාසලට පැමිණෙන ලෙසටයි.
පසුව අදාළ දැනුම්දීම මත මෙම ගුරුවරිය පස්වරුවේ පාසලට පැමිණ තිබෙනවා.
පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවට වාර්තා වෙනවා.
පසුව එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබෙනවා.
ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුයි සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුව තරුණ ගුරුවරියව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබෙනවා.
සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පරීක්ෂණ පවත්වයි.
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26