hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 12:03



හඬෙහි ඇති හැඩ සේම ඔහු රුවින්ද හැඩ තරුවක්.

එකල ඔහුගේ හද දිනූ තරුණියන්ගේ සිහින කුමරා ඔහු වූවාට සැක නෑ. මන්ද ඒ රුව එතරම් සොඳුරු එකක් වූ බැවින්.

කාලයාගේ ඇවෑමෙන් රූපය වියපත් වීම, ලෙඩ රෝගයන්ට ගොදුරු වීම ඔබ අප කවුරුත් දන්නා සරල දහම බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

ඒත් ප්‍රසිද්ධ චරිතයකට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒවා සමාජයේ ඉන්න හැම කෙනෙක්ම හොය හොය කතා කතා කරනවා.

මේ කියන්නේත් මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වෙන පින්තූරයක් ගැන කතාවක්.

ඇය මුළු රටක් ආදරය කරන ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා ගැන කතාවයි.

ඔහුගේ හදිසි අසනීප තත්වයෙන් සුවය ලබමින් සිටින වෙලාවක ඔහුගේ මිතුරෙක් ගත්ත ඡායාරූපයක් කවුරුන් හෝ සමාජමාධ්‍යයට එකතු කරලා තියනවා.

ඒක ගොඩක් දෙනෙක් අතර සංසරණය වෙනවා.

ඉතින් තම හිතවතා මේ වගේ අපහසුතාවට පත් කළ මිනිස්සුන්ට ඔහු පිළිතුරක් දීලා.

“ඔබ අපගේ නොමඳ ආදරයට ලක්වු ආදරණීය ප්‍රියංකර අයියා අසනීපයෙන්.. ඔහු ඉන්නා සැබෑ තත්වය ලොවට පේන්න ෂෙයාර් කරන උන්දැලාටත් කවදා හෝ දවසක එවැනි ඉරණමක් අත්වුනොත්.. උන්දැලාගේ පින්තූරත් දමාපල්ලා- ලැජ්ජයි.. ජීවත්වෙලා ඉන්න මනුස්සයෙක් ඔහොම අපහසුතාවයට පත්කරන්න එපා බොලව්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: