hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:01



ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි.

මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි.

ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.

ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.

ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි.

ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබෙනවා.

ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී.

ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබෙනවා.

පසුගිය දිනෙක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රියංකර කියා තිබුණේ මේ පැතිර යන බොහෝ කතාන්දර සාවද්‍ය බවයි.

ජනප්‍රිය ගීත රාශියක තනු නිර්මාපකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සරත් ද අල්විස් මහතා ඉතාම සංවේදී සටහනක් ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණේ ප්‍රියංකරට ඉක්මන් සුව පතමිනුයි.

මේ තියෙන්නේ ඒ සටහන.

ඊයෙ මම ප්‍රියංකර පෙරේරාව බලන්න ගියා . ඉන්න අපූරුව බලන්නකෝ . ලොකු සැත්කම් කිහිපයකට මුහුණ දීල තිබුනත් මුහුණේ තියෙන නිහතමානී කම , උජාරුව සහ හිතේ සැහැල්ලු බව .

අමාරුව තියෙන්නෙ ලෙඩාට නෙමෙයි . ලෙඩාව බලන්ඩ යන සමහර ගෝතයින්ට සහ සමාජ මාධ්‍ය වල ඉන්න සමහර ගං කබරයින්ටයි . මේ වගේ සැහැල්ලුවෙන් ඉන්න ප්‍රියංකරට මම ලඟදී ගීතයකුත් නිර්මාණ කරන්න කතා කරගත්තා .

මෙවැනි කලාකරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කලොත් ඒක තමයි නියම ආදරය.

ප්‍රියංකර මචං , උඹ ඉක්මනින්ම ගීත ලෝකයේ (උඹේ සහ දයාබර මිල්ටන් පෙරෙරාගේ )රසික රසිකාවන්ව ඩෝලෙ ගගහ ගීතයෙන් පිනවන්නට වරෙං . උඹ එනකං කට්ටිය බලං ඉන්නවා .

උඹට තෙරුවන් සරණයි ! ……





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: