hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 18, පෙ.ව. 12:02



අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය පවසනවා.

කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාරට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ පැවසුවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය පවසනවා.

එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: