hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:00



රාජගිරියේ ගණිකා නිවාස දෙකක් වැටලීමට වැලිකඩ පොලීසියේ දූෂණ මර්ධන ඒකකය ක්‍රියා කර තිබෙනවා.

මෙම වැටලීම්වල දී ගණිකා සේවය සැපයූ තරුණියන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇත්තේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන්.

මෙලෙස වටලා ඇත්තේ නාවල, කුරේ මාවත සහ ඇතුල්කෝට්ටේ යන ප්‍රදේශවල පිහිටි ස්ථාන දෙකක්.

අත්අඩංගුවට පත් තරුණියන් වනාතවිල්ලුව, අඟුණුකොළපැලැස්ස, ඇඹිලිපිටිය සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකාරිණියන්වන බවත් එම ප්‍රදේශවලින් රැකියාව සඳහා මෙම ගණිකා නිවාස පිහිටි ස්ථානවලට පැමිණ නවාතැන් ගෙන ඇති බවත් සඳහන්.

ඔවුන් සිය නිවෙස්වලට පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්හි සේවය කරන බවට යි.

මෙම තරුණියන් වයස අවුරුදු 21 – 30 ත් අතර පසුවන්නියන් වනවා.

මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම ස්ථාන දෙක වටලා ඇති බව ද පොලීසිය ප්‍රකාශ කොට සිටියා.

මේ අතර මෙම ස්ථාන දෙකෙන් එකක ගණිකාවන් අලෙවි කිරීමට අන්තර්ජාලය භාවිත කොට ඇති බව ද වාර්තා වූවා.

දුරකතන යෙදවුමක් හෙවත් ඇප් එකක් හරහා මෙලෙස මෙම තරුණියන් අලෙවි කොට ඇති බවයි පැවසෙන්නේ.

මේවන විට වාර්තා වී ඇත්තේ අදාළ තරුණියන්ගේ ඡායාරූප සමග ඔවුන් ලබා දෙන සේවාවන් විස්තර සහිතව එම ඇප් එක තුළ පළ කොට ඇති බව යි.

එය හරහා තරුණියන් තෝරාගන්නා පුද්ගලයින් විද්‍යුත් ක්‍රම හරහා මුදල් ගෙවිය යුතු බවත්, ඉන් අනතුරුව දිනයක් සහ ස්ථානයක් ලබා දෙන බවටත් අනාවරණය වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: