2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:15
තම පුතාට මේ ආකාරයෙන් අතුරුදන්ව සිටීමට කිසිදු හේතුවක් තමා දැනුවත්ව නොතිබූ බව මේ වන විට අතුරුදන්ව සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම ලබන පුලස්ති ප්‍රමුදිත් පෙරේරා ශිෂ්‍යයාගේ මව වන ජී.එස්.එන්. පෙරේරා මහත්මිය පේරාදෙණිය පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කොට තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිවුවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම සිසුවා ඉකුත් 02 දින රාත්‍රි කාලයේ ලියුමක්ද ලියා තබා ශිෂ්‍ය නේවාසිකාගාරයෙන් පිටතට ගොස් ඇති බව මේ වන විට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම සිසුවා ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිසුවාගේ මව 03 දින පේරාදෙණිය පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ තමන් දන්නා තරමින් පුතාට මේ ආකාරයෙන් අතුරුදන්ව සිටීමට තරම් ගැටලුවක් නොතිබූ බවයි.
තම පුතා කා සමඟත් සුහදව හා මිත්‍රශීලීව කටයුතු කළ අයෙක් බවත් ඔහුට පෙම්වතියක් හෝ සිටියේද යන්න පිළිබඳව හෝ තමා නොදන්නා බවත් පුතා කිසිදු අවස්ථාවක මානසික ආතතියෙන් පෙළුණු බවක් තමා නොදන්නා බවත් ඔහුගේ අතුරුදන් වීම විශාල ගැටලුවක් බවත් මව පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.
තමා ගැටලු රැසකට මුහුණ පා සිටින බැවින් එම තත්ත්වය දරාගත නොහැකිව විශ්වවිද්‍යාලයෙන් බැහැර වන බව අතුරුදන් සිසුවා විසින් ලියන ලද ලිපියෙහි සඳහන්ව තිබෙනවා.
තම පුත්‍රයා සොයා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා සිටිනවා.
මෙම සිසුවාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය මේ වන විට පරීක්ෂණ මෙහෙයවමින් සිටින අතර මෙම පරීක්ෂණ සඳහා නවීන තාක්ෂණයද උපයෝගී කරගන්නා බවයි පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
2026 ජනවාරි 15, පෙ.ව. 12:19
2026 ජනවාරි 14, පෙ.ව. 10:43
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26