hit counter

2024 ජූනි මස 19 වන බදාදා

2024 මැයි 10, පෙ.ව. 12:01



පුෂ්පිකා දී සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් කියලා කිවුවොත් හරියටම හරි.

රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.

නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා.

ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.

ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ.

ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ.

සිංගල් මාම් ලෙසින් ඇය ප්‍රසිද්ධියටත් පත්වූවා.

කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.

ඇය සමාජ මාධ්‍යයේ හරිම සක්‍රීය චරිතයක් බව ඔබ හොඳින්ම දන්නවනෙ.

රූ රැජින තරගාවලි නිසාවෙන් එකල නිතර කියවුණු ඇගේ නම දැන් කතාබහට ලක්වන්නේ ඇයගේ ව්‍යාපාරත් එක්ක.

ඒ වගේම තමයි රූ රැජින තරගාවලි එක්ක රට නියෝජනය කළ ඈ මේ වන විට නිරූපණ කටයුතුවලින් මදක් ඈත්වෙලා වගේ.

ඒ ගැන ඇය පහුගිය දවසක මේ විදියට අදහස් දක්වලා තිබුණා.

”මම මේ වන විට රූ රැජන තරගවලින් සිව් වතාවක් මගේ රට නියෝජනය කරල තියෙනව.ඒවායින් ලොකු ජයග්‍රහණ අත්කරගෙන තියෙනව.නමුත් විවාහ වෙලා දරුවා ලැබුණාට පස්සෙ මිසිස් වර්ල්ඩ් තරගයේ අවසන් සය දෙනා අතරට තේරීපත් වුණා.ඒ තරගය හරහා මුළු ලෝකයම මට ආදරය කරන්න, ප්‍රශංසා කරන්න පටන්ගත්තා.ඇත්තම කිව්වොත් ඒ ආශීර්වාදය නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ.ඉතිං මම හිතනව දැන් තියෙන්නෙ අලුතින් මේ ක්‍ෂේත්‍රයට එන තරුණ තරුණියන්ගෙ කාලය.අපි සීනියර්ස්ල හැටියට අපේ අත්දැකීම් ඔවුන් සමග බෙදාගෙන, අපිට කරගන්න බැරි වුණ දෙයක් ඔවුන්ට හරි විදිහට කරගන්න උපදෙස් දීල නිසි මගට ඒ අයව යොමු කරන එක තමයි අපේ වගකීම.දැනටත් රූ රැජින තරගාවලි ගොඩක් පැවැත්වෙනව.නමුත් අපි මේ තරගවලට ඉදිරිපත්වෙන කාලෙ ලොකු ගරුත්වයක්, තත්ත්වයක්, ප්‍රමිතියක් කියල දෙයක් තිබුණා.නමුත් දැන් පැවැත්වෙන තරගවලදි ඒ තරගකරුවන් ගැනවත් හිතන්නෙ නැහැ.ඒ කරන කැපකිරීම්වලට, පුහුණුවීම්වලට වගේම අඩුම තරමින් ජයග්‍රහණය කරන කෙනකුට ත්‍යාගයක්වත් දෙන්නෙ නැහැ.තරගාවලි පවත්වන්න කියල අනුග්‍රාහකයන්ගෙන් මුදල් අරන් ගොඩක් දෙනෙක් කරන්නෙ බොරුව.මේ නිසා තරගකරුවන් දැනගන්න ඕන තරගයට සහභාගී වෙන්න කලින් මේ තරගාවලිවල ඉතිහාසය ගැන හොයල බලන්න, සංවිධායකයන් ගැන හොයල බලන්න, තමන්ට මේ දෙයින් අත්වන දෙයක් තියෙනවද කියල හොයල බලන්න.මේ දේවල් හරියට හොයල බලල දෙමවුපියනුත් දැනුවත් කරල මෙවැනි තරගවලට සහභාගි වෙනව නම් හොඳයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: