hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 3:27



ගායකයෙක් විදියට නිතරම ප්‍රේක්ෂකයන් හමුවට ආවෙ නැතත් ඔහුට ලැබෙන රසික ආදරය නම් කිසිසේත්ම අඩුවක නැතුව ලබා ගන්න කෙනෙක් තමයි රහල් අල්විස් කියන්නේ.

පෙම්වතුන් ගැන ගොඩක් ගීත ගායනා කරන රහල්ගේ ගීත අතරින් වඩාත් ආකර්ෂණය වුණ ගීතය තමයි ‘සිතට හොරා මං’ ගීතය.

පසුගිය කාලයේදී රහල් ගැන වැඩිපුර සමාජ මාධ්‍ය හරහා අසන්නට ලැබුණා.

ඉතින් ඔහුගේ විවාහයත් එක්ක තමයි හැමෝම නැවත රහල් ගැන කතා කරන්නට වුණේ. ඔහුගේ බිරිද වෘත්තියෙන් ඉංජිනේරුවරියක්.

ඇයව ඔහුට මුණ ගස්සවන්නේ රහල්ගේ අම්මා විසින්. ඉතින් ඒ විදියට හමු වෙන ඔවුන් දෙදෙනා දෙතුන් වතාවක් විතර මුණ ගැහිලා ඉක්මනින්ම විවාහ වෙන්න වුවමනා වෙනවා.

ඉතින් ඒ විදියට විවාහ වෙලා සතුටින් ඉන්න රහල් සහ ඔහුගේ බිරිද එකිනෙකා තේරුම් අරන් ජීවත් වෙන්නේ. රහල් කියන්නේ ඔහුගේ ජීවිතේ තියෙන නිදහස කිසිම කෙනෙක්ටවත් නැති කරන්න බෑ කියලා.

ඉතින් රහල් අල්විස් කියන මේ ජනප්‍රිය ගායකයා දැන් පියෙක්. රහල් අල්විස් සමාජ මාධ්‍යයේ අවධානයට ලක් වෙලා ඉන්නවා.

ඒ ඔහු විසින් රූපවාහිනි වැඩසටහනකදී සිය දියණියගේ උපත ගැන සිදු කළ ප්‍රකාශයක් නිසා.

නොහිතපු වෙලාවක තමයි එයා ළඟට ආවේ. වයිෆ් ප්‍රෙග්නට් කිව්වමත් මට අවුල්.. මට මුලින් කේන්ති ගියා. තවත් බන්ධනයක් නේද කියලා…. මම ප්ලෑන් එකකට වැඩ කරන කෙනෙක්. එක ටාගට් එකකට යන කෙනෙක්. දවස් හතම මම වැඩ කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ වෙලාවේ දී මම හිරවුණා. පස්සෙ ඉතින් මම හිතුවා, කොල්ලෙක් වෙන්න ඇතිනේ කියලා, හිත හදාගත්තා. පස්සෙ ඩොක්ටර් කිවුවා, දුවෙක් කියලා. දැන් ආයේ අවුල් ගියා. පස්සෙ කිවුවා, කකුල් දෙක දිහා බැලුවම ‘දුවෙක් වගේ’ කියලා. කකුල් දෙක බලලා කියන්න බෑනේ? පස්සෙ එක්කෙනෙක් මගේ ඔලුවට දැම්මා, දුවෙක් ගෙදරට වාසනාවක්, එහෙම කියලා. අද දුවෙක් හම්බුණා. ඇත්තටම මම හිතනවා, හොඳම කෙනෙක් හම්බුණා කියලා….මම පොඩි කාලේවත් දරුවෙක් වඩාගෙන නෑ. අල්ලගෙනවත් නෑ. මම පළවැනි පාරට ගත්තෙ. ඉතින්…… හොඳයි ඉතින්…’

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා.

‘එයා වයිෆ්ව බැන්දෙත් proposal එකකින් නේද? වයිෆ්ව පහත් කරල කතා කරපු තැන්, මදසරු ගැහැණු අයට බැනපු තැන්, කොණ්ඩෙ කොට අයටත් බැනල තිබ්බ ඒව දැක්කා! so called alpha maleලගෙ role model එකක් හැබැයි ඒ. ඔය වගේ සහකම්පනයක් ගෑවිලාවත් නැති මිනිස්සු නම් මාරම අප්පිරියයි…’ 

‘කේන්ති ගැනීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තියෙන එක්තරා ගායකයෙක් රූපවාහිනී වැඩසටහනකට ඇවිත් කියනවා “වයිෆ් ප්‍රෙග්නන්ට් කියල දැනගත්තම මට කේන්ති ගියා. මම සාමාන්‍යයෙන් හැමදේම ප්ලෑන් එකකට වැඩ කරන්නෙ. මේ ටිකේ මගෙ සැලොන් එකේ වැඩ කරගෙන යනවා. ඉතිං වයිෆ් ප්‍රෙග්නන්ට් කියල දැනගත්තම මට කේන්ති ගියා තවත් බන්ධනයක් නේද කියලා.පස්සෙ හිත හදාගත්තා කමක් නෑ පුතෙක් වෙන්න ඇතිනෙ කියලා. පස්සෙ දුවෙක් කියල දැනගත්තම ඒකටත් කේන්ති ගියා. පස්ස මුලින් දුවෙක් ලැබෙන එක හොඳයි කියල ගොඩක් අය කියපු නිසා මං හිත හදාගත්තා. දැන් හිතෙනවා පුතෙක් ලැබෙන්න කලින් දුව ලැබුණු එක හොඳයි කියලා” ( ඒ අන්තිම වාක්‍යය නං, තමන්ට එල්ල වෙන පුළුවන් Blame එකෙන් බේරෙන්න කියපු සිත නිවන කතාවක් කියල පැහැදිලියි.)මට මෙතනදි මුලින්ම ආපු ප්‍රශ්නෙ, හැමදේම ප්ලෑන් කරලා කරනව කියන මනුස්සයා, තමන්ට දැන්ම දරුවො ඕන නැත්තං ඇයි ඒක විතරක් ප්ලෑන් නොකළෙ කියලා?? තමන්ගෙ වයිෆ් තමන් නිසා ප්‍රෙග්නන්ට් කියල දැනගත්තම කේන්ති යන්න හේතුවත් මට හිතාගන්න බෑ. වයිෆ් තමන්ට බලහත්කාරකමක් කළා නම් කේන්ති ගන්න එක සාධාරණයි. ඒත් එහෙම දෙයක් වෙලාත් නෑනෙ. තමන් කරපු ක්‍රියාවන්වල වගකීමක් ගන්න හයියක් නැතුව කේන්ති ගත්ත මනුස්සයෙක් එක්ක, ප්‍රෙග්නන්ට් වයිෆ් කොච්චර හිතින් අසරණ වෙන්න ඇද්ද කියල මට හිතාගන්න බෑ. දුවෙක් කියල දැනගත්තමත් කේන්ති ගියාලු. මට ඒකත් තේරුම් ගන්න බෑ. දරුවෙක්ගෙ ස්ත්‍රී – පුරුෂ භාවය තීරණය වෙන්නෙ තාත්තගෙන් කියල එයා දන්නෙ නැද්ද මන්දා ඉතිං. ඔය කියන ගායකයා ප්‍රසිද්ධ මාධ්‍යවලට එන හැම අවස්ථාවකම මොකක්හරි ගොන් කතාවක් කියන එක හරිම සාමාන්‍යයි. බැඳල ඉන්නෙ හරිම අහිංසක ගෑණු ළමයෙක් නිසා, ඒ කෙල්ල ඕනම දෙයක් ඉවසගෙන ඉන්නවත් ඇති. හැබැයි, ඔය අළුත උපන් දුව කවදහරි ලොකු වෙනවා. අද තාක්ෂණය දියුණුයි. ඉතිං මේ වැඩසටහන ඒ ළමයට අවුරුදු 20දිත් බලන්න පුළුවන්. තමන්ගෙ තාත්තට තමන් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්තම දැනුනෙ සතුටක් නෙවෙයි කේන්තියක් කියල දැනගත්ත දවසට, ඒ ළමයා කොච්චර මානසිකව වැටෙයිද! හරි, අපි හිතමු ඔය කියන ගායකයා තමන්ගෙ අවංකකම නිසා ඕක කිව්වා කියලා. ඒත්, තමන්ගෙ අවංක හැඟීම ප්‍රකාශ කරද්දි ඒකෙන් තව කිහිපදෙනෙක්ට දරුණු මානසික රිදීම් සිද්ධ වෙනවා නම්, ඒ වගේ දේවල් අවංකව කියන එකෙන් කාටද වැඩක් තියෙන්නෙ? කාටවත්ම වැඩක් නෑ. හිත් රිදවීම් මිසක්. ඒ නිසා, මනුස්සයෙක් කතාබහ කරද්දි, විශේෂයෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යයක කතාබහ කරද්දි, තමන් කියන කරන දේ සම්බන්ධයෙන් දහ පාරක්වත් හිතන එක හරිම වැදගත්. නැත්තං තමන්ගෙ අනුවණකම, ලිංගික අධ්‍යාපනය පිළිබඳ තියෙන නොදැනුවත්කම, සහකම්පනයක් නැතිකම වගේ ගොඩක් දේවල් රටේම මිනිස්සුන්ට හෙලිදරව් වෙන එක වළක්වන්න බැහැ.’

‘මු පිස්සෙක්.. මහා මාන්නයක් ඔලුවේ තියා ගෙන ජීවත් වෙන පිස්සෙක් … ඒ wife ගේ මුණෙන් කියන්න පුලුවන් මේ මනුස්සයා එක්ක ජීවත් වෙන මානසිකත්වය..’

https://streamable.com/j1am4k




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: