hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 12:02



ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ගායිකාවක් තමයි රයිනි චාරුකා කියන්නේ.ඇය ක්ෂේත්‍රයට එන්නේ ඇයගේ ආදරණීය පියා රූකාන්ත ගුණතිරක සහ මව චන්ද්‍ර රේඛා පෙරේරා කියන දෙදෙනාගේ ආභාෂය නිසයි.

මේ දෙන්න නිසාම ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්තු රයිනි අද වන විට විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට ඇවිල්ලා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අවසන්.පසුගිය දවසක ඇය විසින් කියපු කතාවක් විවිධ ආකාරයෙන් කපා කොටා රූපවාහිනී නාලිකාවක් හරහා ප්‍රචාරය කරලා තිබුණා.ඉතින් ඒ සම්බන්ධයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් රයිනිට විවේචන එල්ල කරන්නත් අමතක කරලා තිබ්බේ නෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් කලකිරුණු රයිනි සිද්ධ වෙච්ච ඇත්තම විස්තරය සමාජ මාධ්‍යවල පළ කරන්නත් අමතක කරේ නෑ.ඇය ඒ ආකාරයෙන් සටහන් කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

“media’s අපිව ගෙන්න ගන්නේ මොනවහරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketing වලට negative & positive marketing කියල දෙකක් තියෙනවා. ඒකත් එක්ක අපිත් බලාපොරොත්තුවන reach එකක් තියෙනවා. 

මේ video එක trending වෙනකොට හැමෝම comment කරනකොට මම ඇත්තටම සතුටින් හිටියා. එදා ඒ show එකට අපිව ගෙන්නගත්තට ඒ media එකටත් අපිටත් reach එකක් හම්බුන නිසා.ඒකයි මම ඒක වෙන්න දීලා සද්ද නැතුව හිටියේ.

හැබැයි මමත් දැං කතාකරන්න ඕනේ වෙලාව ඇවිල්ලා මම හිතන්නේ. 

මම Yohani වගේ තමන්ගේම hardwork වලින් field එකට ආපු කෙනෙක් නෙමෙයි. එහෙම එන අයට මම දෙන respect එක වෙනස්. මොකද මම මගේ අම්මා තාත්තා නිසා ලේසියෙන් මේ industry එකට ආපු කෙනෙක්. 

දැං මම මේ field එකේ අවුරුදු 15ක් තිස්සේ ඉන්නවා. මම කොයි වෙලාවක හරි තනියෙන් hard work කරලා ආපු තවත් කෙනෙකුට disrespect කරලා නම්, මම වගේ ලේසියෙන් ආපු කෙනෙක්ට දෙවියෝ මෙච්චර අවුරුදු ගානක් මෙහෙම ඉන්න දෙන්නේ නෑ. 

ඕගොල්ලෝ Tv එකේ දකින හැමදේම විශ්වාස කරනවාද ? මේක Live show එකකුත් නෙමෙයි. ඔයාලා මේ බලන edit එකේ මම වෙනත් දෙයකට දුන්න reaction එකක් මෙතනට edit in කරල නම්. ? 

අන්න එහෙම තමයි media’s වැඩ කරන්නේ. ඒවට තමයි ඔයාලත් කැමති. ඕගොල්ලෝ හැමදාම බලන artistsල එන talk shows වල එහෙම තමයි වෙන්නේ. එහෙම කියලා මම media’s වලට බනින්න යන මොඩයෙකුත් නෙවෙයි. 

Yohaniත් මමයි හොඳ friendship එකක් තියෙන artistsල දෙන්නෙක්. මමත් Yohaniගෙ achievements share කරලා, ඒවාට comment කරලා තියෙනවා as a proud Sri Lankan citizen. 

මේකත් මම share කරන්න හිතුවේ මේ video එකට වැටිලා තියෙන සමහර හිත රිදෙන වචන නිසා. 

දැන් ඔයාලා මගෙන් අහුව්වොත් මෙතනින් එහාට මම මේ වගේ tv shows වලට ගියොත් මීට වඩා පරිස්සමෙන් ඉන්නවා ද කියල… ? ඒත් නෑ. මම මම විදිහටමයි ඉන්නේ, හැමදාම හිටියෙත්. ඒවා Tv එකේ දාන විදිහට තමයි දාන්නෙත්. ඒක අපේ control එකේ නෑ. 

හැබැයි, එකම එක දෙයක්  අපේ මිනිස්සු තේරුම ගන්න ඕනේ.  ඒ තමයි… එක artist කෙනෙක් තවත් artist කෙනෙක්ව පල්ලෙහාට දාන්න ඕනේ නම්, ඒ කෙනා ඒක media එකට පෙන්න එළිපිට කරන්නේ නෑ. ඕගොල්ලෝ කාටවත් පේන්න ඒ දේවල් කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු media’s වලට ඇවිල්ල ඔයාලට පෙන්නන්නේ ලොකු යාලුකමක්. එච්චරයි. 🙏🏼

හැමෝට ආදරෙයි”

ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: