2024 මාර්තු 23, ප.ව. 2:50
            
ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව කුවෙට් රාජ්‍යයෙන් පිටුවහල් කර තිබෙන පුවතක් වාර්තා වනවා.
එලෙස පිටුවහල් කර ඇත්තේ, ඔහු මීට පෙර ඊශ්‍රායලයේ සංගීත සන්දර්ශනයක් සඳහා සහභාගී වී ඇති බවට අනාවරණ වීම හේතුවෙන්.
අනතුරුව ඩුබායි සහ අබුඩාබි හි සංගීත සන්දර්ශන දෙකක් සඳහා සහභාගී වූ බවයි, රංජන් රාමනායක මහතා කියා සිටියේ. මේ වනවිට ඔහු ඉතාලියේ සන්දර්ශන කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇත.
සිනමාව, ටෙලි නාට්‍ය සහ සංගීත සන්දර්ශනවලට සහභාගී වීම හේතුවෙන් දැඩි කාර්යබහුල ජීවිතයක් ගත කරන බවයි රාමනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
”දේශපාලනඥයෙකුට වඩා කලාකරුවෙකුට තියෙන්නේ ජනතාව සතුටු කරන වෘත්තියක්. මම ඉපදිලා තියෙන්නේ කලාවට කියලා මට හිතෙනවා. රන්ජන් කියලා කියන්නේ ජනතාව සතුටට පත් කරන්නා. දේශපාලනඥයා කියලා කියන්නේ ජනතාව විපතට පත් කරන්නා වගේ තේරුමක්. මම ඒක පහුගිය ටිකේ කිව්වා. ඒක තමා සින්දුවකින් කිව්වේ, උන් ඔක්කෝම යාළුවෝ මල්ලි කියලා. මේ දියුණුවල ඉන්න මිනිසුන් ඒ රටේ මිනිසුන්ට කොච්චර ආදරෙයි ද.? අපේ රටේ මිනිසුන් කොච්චර අපේ රටේ අයත් එක්ක තරහ ද කියලා තේරෙනවා. දේශපාලනය කියන වචනය අපේ රටේ ඇහුවා ම අපිට එන්නේ සුන්දර වචනයක් නෙවෙයි. නමුත් මේ රටවල එහෙම නෙවෙයි.”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25