hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:02



ඇය නමින් රශිපබා සන්දීපනි.

ඇය ගැන බොහෝ දෙනෙක් අදුනන්නේ ලංකාවේ ඩිම්පල් ක්වීන් කියලා.

ඉතින් ඇය සැබවින්ම ලස්සනයි. ඇය මෙරට රංගන ශිල්පිණියක්.

ඇය රංගන ක්ෂේත්‍රයේ වගේම නිවේදන ක්ෂේත්‍රයෙත් කටයුතු කරනව.

ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ රූපයේ තියන අපූර්වත්වය නිසාමයි.

ඉතින් ඇය නම් කියන්නේ ඇගේ රූපය ඇගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් කියලා.

ඉතින් සමහර අය ඇය ශිල්පා වගේ කියනවලු. ඒ වගේම තවත් සමහර අය එයා දීපිකා වගේ කියනවලු.

ඉතින් කොහොම වුණත් ඇයනම් සැබැවින්ම ලස්සනයි.

ඒ විතරක් නෙවෙයි ඇයට ඉන්දියානු නිර්මාණවලටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

”මම මුලින්ම ඉන්දියානු නිර්මාණයක් සමඟ සම්බන්ධ වෙන්නේ දෙදහස් විසිදෙක වර්ෂයේදී. එතැනින් ආරම්භ කළාට පසුව මේ වසරේදීත් නැවත වරක් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ප්‍රභූ දේවා මාස්ටර් ලංකාවට ආවට පස්සේ ඔහුගේ තිරගත වීමට නියමිත මුසාසි චිත්‍රපටයේ ගීතයකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ලංකාවේ අවස්ථාව ලැබුණේ මටයි අසංකිටයි විතරයි.”

දක්ෂතාවය විතරක් නෙවෙයි, රූපයෙනුත් රශිප්‍රභා ඉන්දියාවට නෑකම් කියනවා හා සමානයි.

”සමහර අය මම දීපිකා වගේ කියනවා.තවත් පිරිසක් කියනවා මම ශිල්පා ශෙට්ටි වගේ පේනවා කියලා.මෘනාල් තාකූර් වගේ පේනවා කියලත් පිරිසක් කියනවා.ඉතිං එක එක්කෙනාට එක එක වගේ පේනවා.ඇත්තටම ඉතිං ඒ වගේ ඉතා සුරූපී දක්ෂ නිළියක් වගේ කියනකොටත් සතුටුයි ඉතිං.සමහර විට එහෙම කියන්නේ මූණේ හැඩය සහ ඩිම්පල් එක නිසා වෙන්නත් ඇති.නමුත් මම කැමැති මටම අන්‍යන්‍යතාවක් හදාගන්න.මම කැමති තව කෙනෙක්ට එයා රශිප්‍රබා වගේ කියනවා නම්.නමුත් ඉතිං ඒ ලැබෙන ප්‍රතිචාර ගැනත් සතුටු වෙනවා.ලස්සන දකින විධිය එකිනෙකාට වෙනස්.ඒ නිසා වෙන්න ඇති සමහර අයට මාව වෙන අය වගේ පේන්නේ.”

ඉතින්, ජාත්‍යන්තරය දිනූ ඇය දවසක ඉන්දියාවටම සින්න වෙයිද ??

”මම දන්නේ නෑ ඉදිරියේදී කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා.එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කියන්නේ මම විතරක් නෙවෙයි.අපේ රටේ ඉන්න හැම කෙනෙක්ටම මේ ලංකාවෙන් එළියට ගිහින් ජාත්‍යන්තරය තුළ තමන්ගේ දක්ෂතා පෙන්වන්න ලැබෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.ඒ වගේම එය එසේ විය යුතුයි. අපි ලංකාවේ නිර්මාණයක් කළොත් එය ලාංකිකයන්ට පමණයි සීමා වෙන්නේ.නමුත් ලෝකයේ වෙනත් රටවල් බොහෝ ඉදිරියෙන් සිටින්නේ ඔවුන්ගේ කලා නිර්මාණ ලෝකයේ වෙනත් රටවලත් ජනප්‍රියයි.ඒ හරහා ඔවුන්ට ලොකු ඕඩියන්ස් එකක් හැදෙනවා.ඒ වගේම ඒ හරහා ඔවුන්ගේ ආදායම් මාර්ග පුළුල් වෙනවා.එතැනදි මම කියන්නේ අපේ රට ඇතුළේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න රංගන ශිල්පීන්, ශිල්පිනියන්, අධ්‍යක්ෂවරුන්ගේ සිට කාර්මික ශිල්පීන් දක්වාම ඔවුන්ගේ දක්ෂතා ලෝකය ඉදිරියට අරගෙන යෑමට හැකියාව ලැබිය යුතුයි ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: