hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 21, පෙ.ව. 12:00



ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.

අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?

ඔහු රවිඳු සහන්.

ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.

දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු වූ රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව තිබුණු අයුරු ඔබට මතක ඇති.

ආයෙමත් මේ විදියට ඔහුගේ ආදරණීය මතකය අළුත් කරලා තිබුණේ ඔහුගේ බිරිඳ.

රවිඳු සහන්ගේ නික්ම යාමෙන් වසරක් ගෙවී ගිය තැන, ඔහුගේ බිරිඳ තබන ලද සටහන පහතින්,

”දිනෙන් දින අතීතය එක පෙලට

සිහිවෙනා..

නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ

රජවුණා..

අනිත් අය මගේ දුක් දැන ගනියි

සිහිවුණා..

නුඹව හිත මත තියා මම උඩින්

හිනවුණා..

වේදනාවන් දරා දවස දෙක

ගතවුණා..

අනිත් අය කර තියා ජීවිතේ

ගොඩවුණා..

නොදැනීම නුඹ නැතුව වර්ෂයක්

ගතවුණා..

ඒ වුණත් අතීතය තුරැලු කර දරාගෙනා..

ඇත්ත ආදරය මත නිවන මම පතන්නා..

2024.03.18

නුඹ අප අතරින් වෙන්වී අවුරැද්දක් ගත වී ඇත.

නුඹ වෙනුවෙන් දරාගෙන, උතුරන කදුලු මේ පපුවටම එක් කරගෙන මං මේ ගමනේ හුස්ම අල්ලගෙන ඉන්නේ ඔයාට මේ සසර මග මෙවන් කිසිදු කලක අකල් මරණයක් නොවී සුගතගාමී වූ භවයක් ලැබීමට පිං රැස් කරන්නයි.

මං ගන්න හුස්මක් ගානේම ඔයා වෙනුවෙන් කරන කියන කුසලයන් ඔයාට අනුමෝදන් වේවා!

මම,මගේ අම්මා,තාත්තා ඇතුලුව සහෝදරයන්,නෑදෑයන්,යාලුවෝ සහ අසල්වැසියන් එකතු වී කරපු ඔයාගේ වර්ෂ පූර්ණ පිංකම නුඹට නිවනින්ම සැනසෙන්න හේතු වේවා…!

මං ඔයාට හැමදාමත් ආදරෙයි

ඉපදෙන හැම ආත්මෙකම අපි අපේ වෙමු..

නුඹ මට හමුවුණ හොදම හමුවීමයි

ඉතින් හැම ආත්මෙකම ඔයා වෙනුවෙන් මං ඉන්නවා..

ඉක්මනින් හමුවෙමු එතකන් පරිස්සමින් ඉන්න මගෙ මැණික

ආදරෙයි හැමදාම ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: