hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 13, ප.ව. 4:08



ගලේවෙල වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුල් සඳහා සහල් දන්සලක් ඇසළ පුන් පොහෝ දින ගලේවෙල නගර මධ්‍යයේ විහාරස්ථානයේදී  පවත්වා තිබූ බව වාර්තා වෙනවා.

ගලේවෙල උදාර සුහද සංසදය, වෙළෙඳ සංගමයේ එකමුතුව මෙම සහල් දන්සල සංවිධානය කොට තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 50ක් සඳහා එක් පවුල්කට සහල් කිලෝ 15 බැගින් ලබා දීම සිදු කර තිබෙනවා.

මහා සංඝරත්නය ගලේවෙල පොලිසිය, ග්‍රාම නිලධාරීවරු, වෙළඳ සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සහල් දන්සල පවත්වා තිබෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස