hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:03



දසක ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ වැජඹෙන තරුවක් වෙච්ච ආදරණීය කලාකරුවෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ.

ඔහු ගැන කතා කරද්දී ඔහු  ෆ්ලෑෂ්බෑක් සංගීත කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන පූර්වාදර්ශී චරිතයක්.

රොෂාන්ගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නේ මේ ෆෑලෑෂ් බෑක් සංගීත කණ්ඩායම ආරම්භ කරාට පස්සේ.

ඊට පස්සේ ඔහුගේ ජීවිතයට ආදරණීය සහකාරියක් මුණගැසුනා ඇය නමින් තිළිණි.

තිළිණි ගෙන් ඔහුට ලැබුණු  සහයෝගය නිසාම තමයි අද වන විට රොෂාන් ප්‍රනාන්දු කියන මේ දැවැන්ත චරිතය නිර්මාණය වුණේ.

උදෑසන අවදි වූ වෙලේ පටන් රාත්‍රී නින්දට යන තෙක්ම ගෙදර දොරේ වැඩ කටයුතු කරන ඇය සතුටින් තියන්න ඕනෙ කියන තැන තමයි රොෂාන් හැම වෙලාවෙම ඉන්නේ.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිවේදන ශිල්පී සහ ගායක නෙල්සන් වාස්ට හදිසි ශල්‍යකර්මයක් සිදු කරන්න වෙනවා කියලා ඔබ දැන් දන්නවා ඇති.

ජනප්‍රිය ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුද විශාල මුදලක් ලබා දී ඇති බැව් වාර්තා වනවා.

ගැලැක්සීස් සංගීත කණ්ඩායමේ හිටපු නිවේදන ශිල්පී චාමින්ද විමලසේන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් සඳහන් කර තිබුණේ, ඉලක්කම් 6ක මුදලකින් රොෂාන් පරිත්‍යාග කිරීමක් සිදු කළ බවයි.

එම සම්පුර්ණ සටහන පහතින්,

Dear Roshan ..

I highly appreciate your great Contribution for Nelson Vas as a great leader of the band Flash Back. අද උදෑසන රොෂාන් මාහට දුරකතනයෙන් අමතා දැන්වූයේ “චමී මම දැන් නෙල්සන් බලන්න යන්න හදන්නේ..මොකද්ද වෙන්න ඕනේ” කියායි. ඇත්තටම සමහර රසික රසිකාවියන් ඇහුවා හෙව්වා මේ කටයුත්තේදී Flash Back රොෂාන් කෝ..කවදද ඔහුගේ දායකත්වය මේ කටයුත්ත වෙනුවෙන් කියා.සමරු ඇහුවා සමහරු හිතුවා.නමුත් ඇත්තටම ඔහු නෙල්සන් වාස් සොයුරා ගේ තත්වය දැනුවත් උනේ මගේ පෝස්ට් එකක් නිසා බවත් පසුගිය දින කිහිපයේදී (ඊයේ පවා පානදුරේ ) මංගල උත්සවයක් හා සංගීත කටයුතු නිසා කාර්‍යය බහුවල සිටි බව මාහට පැවසුවා..අද තමයි ඔවුහට විවේකයක් ලැබුනේ.ඒ ලැබුන මොහොතේ සල්ලි ටිකක් බැංකුව පමනක් බැර නොකර ඔහු නෙල්සන් වාස් දැක සුවදුක් විමසා ඔහුගේ පරිත්‍යාගය කරන්න කැමති බව මාහට පැවසුවා.ඔහු කී ලෙසම එහි ගියා හා උපකාරය කලා රුපියල් ***,*** අංක 6 ක ලොකු මුදල් ප්‍රමානයක් ප්‍රදානය කිරීම විශාල සතුටක්.. එසේම ඔහු ජනාධිපති අරමුදල වෙත කතා කර එයින් යම් ආධාරයක් ගන්නට සියළු වැඩල් කටයුතු සම්පාදනය කර නෙල්සන් වාස් සොයුරාගේ බිරිඳ වන පතිරන මහත්මියව දැනුවත් කරනලදි.තවත් මා හට නැවත දුරකතනයෙන් අමතා පැවසුවේ අඩුපාඩුවක් ඇතොත් කියන මෙන් හා ශල්‍යකර්මය කල පසුව අවශ්‍ය ආහාර පාන හා ඕනෑම දෙයක් ඉටු කරන බවට මාහට පොරොන්දු වූවා…රොෂාන් නෙල්සන් වාස් සොයුරා වෙනුවෙන් අනිවාර්යයෙන්ම සතයක්වත් අය නොකර සියළු වියදම් දරමින් Flash Back සහා ගායක ගායිකාවන් සහභාගී කර සංගීත ප්‍රසංගයක් වුව කරන්නට කැමති බවත් එයට බාදාවක් වන්නේ 2024 මාර්තු වනතුරු කිසිම සති අන්තයක් ඉතිරිව නැති වීම බවත් ඒ දින සදහා ඔවුන් ප්‍රසංග හා විදේශ සංචාර කිහිපයක් බාරගෙන ඇති බවත් පැවසුවා.. ඇත්තෙන්ම දිරියෙන් කැපවීමෙන් කුඩා කල පටන් සිහිනයක් සිතේ තබා තම ආදරණීය පියා ( ඩොනල් අයියා ) සමගින් අනේක කැපකිරීම් කරමින්, බාදක හා අභියෝග ගොඩක් ජය ගනිමින් අද ඔහු අංක එකේ SMART ම හා කාර්‍යය බහුලතම හා ජනතා ආදරය දිනගත් දැවැන්තම සංගීත කන්ඩායම බවට පත් කරවමින් එහි නායකයා ලෙසින් පූර්වාදර්ශමත් සංගීත ගමනක් ඒම අපි කාහටත් ආදර්ශයකි ආඩම්බරයකි. මාහට ඔහු පැවසුවේ ඔහුගේ ආධාරය ගැන කිසිවක් මුහුනු පොතේ පල නොකරන ලෙස උනත් , මා එයට අකීකරු වී මෙය පලකරන්නේ FLASH BACK ලා නෙල්සන් වෙනුවෙන් මොකවත් කලාද නොකලාද ඇයි නොකරන්නේ කියලා හිතන අපේ ආදරණීය සියළු දෙනාහට ඔවුන් ඒ වෙනුවෙන් කැපව ඉන්නා බව දැනගන්නට බව මා ප්‍රකාශ කරමි… ඉතින් රොෂාන් ඔබට ගොඩාක් ස්තූති අපේ ජේෂ්ඨ ගායන ශිල්පී නෙල්සන් වාස් සොයුරා වෙනුවෙන් එහි ගොස් දුක සැප බලා උදව් උපකාර කරමින් නෙල්සන් හට කතා කර දිරිමත් කලාට ..නෙල්සන් ළඟින් සවියක් වී සිටගත්තාට… ඉතින් අපහට තවත් ලක්ශ 40ක් සොයාගත යුතුව ඇති මොහොතේ ඔබෙන් ඉල්ලා සිටින්නේ අපිට ඔබේ උපකාරය ආධාරය ඉක්මනින්ම ලබා දෙන මෙනි…හිතාදර රොෂාන් ඔබට ගොඩාක් ස්තූති.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: