hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 8:12



RSPCA 2023 – Royal Society for the Prevention of Cruelty to Animals තරුණ ඡායාරූප ශිල්පී සම්මානය 08 හැවිරිදි Jamie Smart දිනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ රාජකීය සංගමය වන RSPCA 1824 දී සතුන් වෙනුවෙන් පිහිටුවා ඇති රාජකීය සංවිධානයක් වනවා.

මෙය ලොව පැරණිතම සහ විශාලතම සත්ත්ව සුභසාධන පුණ්‍යායතනය වන අතර මෙම සංවිධානය එංගලන්තය සහ වේල්සය පුරා සතුන් මුදවා ගැනීම, පුනරුත්ථාපනය කිරීම සහ නැවත පදිංචි කිරීම හෝ සතුන් නිදහස් කිරීම වැනි සත්ත්ව සුබ සාධන කටයුතුවල නිරත වන ආයතනයක්.

RSPCA මගින් සෑම වසරකම අවුරුදු 18 සහ ඊට අඩු තරුණ තරුණියන්ගේ දක්ෂතා සමරනු ලබනවා.

2023 වසරේ හොඳම ඡායාරූප ශිල්පිනිය වූ Jamie Smart සම්මානය දිනා ගත්තේ ෆෙඩ්රික් ලෙස නම් කර ඇති සුරතල් කළුකුමෙකුගේ සමීප ඡායාරූපයකට වනවා.

එමෙන්ම Jamie Smart විසින් සුරතල් සතුන්ගේ ඡායාරූපය සඳහා වන ත්‍යාගය නොහොත් Pet Portraits prize ත්‍යාගයද දිනා ගැනීමට සමත් වූ බව සඳහන්.

ඇය එම ත්‍යාගය දිනා ගැනීමට සමත් වුණේ ඇයගේ නිවස අසල සිටි අශ්වයෙකුගේ ඡායාරූපයක් ලබා ගැනීම මගින්.

ඒ අනුව Llandrindod Wells හි Jamie Smart විසින් RSPCA තරුණ ඡායාරූප ශිල්පී සම්මාන 2023 හි ලාබාලතම ජයග්‍රාහකයා බවට පත්වෙමින් වාර්තාවක්ද පිහිටුවීමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: