hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:08



සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි.

මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්.

මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, මේ දවස්වල උත්තරීතර මව් පදවිය වෙනුවෙන් දින ගණිනවා.

හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ.

පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ ඉහළ ප්‍රතිචාර ලබමින් හුවමාරු වෙන්න පටන් අරන් තිබුණා.

ඒ විතරක් නෙවෙයි, එලෙස හුවමාරු වන සේයා රූ වෙනුවෙන් ලියවුණු අපූරු සටහන් රැසක් ද දැකිය හැකි වුණා. 

ඉන් නොනැවතී ඇතැමුන් ඒ ඡායාරූප විවේචනය කරන්නත් පෙළඹිලා තිබුණා.

කොහොම වුණත් ඈ පසුගිය දවසක සතිඅන්ත පුවත්පතක් හා සාකච්ඡාවක යෙදෙමින් ඒ විවේචනවලට මේ විදිහේ උත්තරයක් දීලා තිබුණා.

‘මම ආසම දේ තමයි මේක… ඒ නැටුම්… මම හැමෝටම රෙකමන්ඩ් කරන් නෑ ඒක. මගේ ඩොක්ටර්ගෙන් පර්මිෂන් අරගෙන, හෙල්ත් එක කොහොම ද බලලා… ඒ ඔක්කොම බලලා තමයි නැටුවේ. මට රෙකමන්ඩ් කරන්න බැරි, බොඩීස් ටු බොඩීස් වෙනස් වෙන්න පුළුවන්….’

ඈ මෑතක යූටියුබ් නාලිකාවක් හා කළ සම්මුඛ සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකුත් මේ වනවිට කතාබහට ලක්වනවා.

බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්නෙ නැහැ කියපු ඇගේ ප්‍රකාශයටත් බොහෝ දෙනෙක් විවිධ අදහස් පළකිරීම් කර තිබුණා.

මේ තියෙන්‌නෙ ඈ ඒ ගැන කිවුව කතාව.

‘හැමෝම හිතනවා, බ්‍රෑන්ඩඩ් ඒවා මම දාලා ඉන්නවා දැක්කම අනේ මම අරන් කියලා. නෑ ඒවා මට හම්බුණ ඒවා. නැතුව මම ලක්ෂ 3,4 වියදම් කරලා ගත්ත ඒවා නෙවෙයි. මගේ ජීවිතේට මම අරන් නෑ. ඔය පාවිච්චි කරන ටික හම්බුණ ඒවා එක්කෝ හස්බන් අරන් දීපුවා. හැමෝම හිතනවා, බොරු කියනවා කියලා. අඩුගානේ පර්ෆියුම් එකක්වත් සල්ලි දීලා අරන් නෑ. හම්බෙනවා හැමදේම…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: