hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, පෙ.ව. 12:01



නැසිගිය ජ්‍යෙෂ්ඨ ජන ගී කලාවේදී ලයනල් රංවල ශූරීන්ගේ ‘රංවල බළකාය’ හරහා මෙරට කලා ක්ෂේත්‍රයට දායාද වූ පිරිස් රැසකි.

ඒ අතර නව පරපුරේ තවත් එක් තරුවක් ලෙස මෙවර අපේ කතා නායිකාව හැඳින්විය හැකිය.

රංවල බළකායෙන් පුහුණුව හා අධ්‍යාපනය ලද ඈ 2017 වසරේ දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයෙන් හා 2019 වසරේ දී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයෙන් ද අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට තේරී පත්වීමෙන් අනතුරුව ඇයට රංගනය සඳහා දොරගුළු විවර විය.

දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන ඈ මේ දිනවල බෙහෙවින් ජනපි‍්‍රය වී ඇත.

ඒ සිරස රූපවාහිනිය තුළින් සතියේ දින පහේම රාත්‍රී 8.30 එ විකාශය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට රංගනයෙන් එක්වීමෙනි.

ඇය නමින් සචින්තනි කෞශල්‍යාය. 

ඇයට ඊයේ හරි විශේෂ දවසක්.

ඊයේ ඇයගේ 27 වන උපන්දිනය.

27 වන උපන්දින සැමරුම වෙනුවෙන් ඇය තරමක් වෙනස් ආකාරයේ ඡායාරූප කිහිපයකට පෙනීසිට තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: