hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2022 මැයි 22, පෙ.ව. 6:19



සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.

මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා.

මේ දවස්වල නම් සජිත්ට හැමෝම කියන්නේ සරා කියලා.

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය නිසා ඔහු අද ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා.

ඒ වගේම සජිත ගැන සුභ ආරංචියකුත් පසුගිය කාලයේ අසන්නට ලැබුනා.

ඒ තමයි ඔහු තාත්තා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා කියලා.

ඉතින් මේක දැනගත්තු වෙලේ පටන් රසිකයන් බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට හදවතින්ම සුභාශිංෂණ එකතු කරලා තිබ්බා.

ඒ වගේම ඊයේ (21) සජිත ඔහුගේ මුහුණු පොත හරහා ඉතාම ආදරණීය පණිවිඩයක් නැවත වතාවක් ප්‍රේක්ෂකයන් සමග හුවමාරු කර ගත්තා.

ඒ තමයි ඔහුගේ සෙනෙහෙවන්ත බිරිඳ මේ දරු පැටියා මේ ලෝකයට ගේන්න වාසනාවන්ත වුණා කියන දේ.