2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:05
හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස් කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළා.
ඊට අමතරව රූපලාවන්‍යාගාරයේ භාවිතා කරන ආලේපන වර්ග පරීක්ෂා කර ඒවායේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පාරිභෝගික අධිකාරියට ද නියෝග කෙරිණ.
සාදයකට සහභාගි වීම සඳහා සිය හිසකෙස් සකසා ගැනීමට ඉකුත් (30) වැනිදා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ තිස්පස් හැවිරිදි කාන්තාවකගේ හිසට ආලේපන ගැල්වීමෙන් පසු කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ මගින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්ය තුමිය මෙම නියෝගය කළාය.
අදාළ සිදුවීමෙන් පසු එම රූපලාවන්‍යාගාරය පවත්වා ගෙන ගිය එහි හිමිකාර කාන්තාව සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා සිය රූපලාවණ්‍යාගාරය වසා දමා පලා ගොස් ඇති බවත් පසුව ඔවුන්ගේ නිවෙස් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස් වලින්ද පලා ගොස් සැඟවී සිටින බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26